වන අලින්ට සිදුවන හදිසි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(7) පෙරවරුවේ පරිසර අමාත්‍යංශයේ දී පැවැත්විණ.
මෙම සාකච්ඡාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල මහතා, වනජීවී සංරක්ෂණ දෙපාරත්මේන්තුවේ පශුවෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා ඇතුළු වනජීවී සහ සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
වනඅලින් රෝගී වී සිටින ස්ථාන නිශ්චය කරගනිමින් ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කිරීම පිළිබඳවත් රෝගී අලිඇතුන් වෙත ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණත්වය පිළිබද අවධානය යොමු කරමින් කඩිනමින් එම ඖෂධ ලබා දීම අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා සිදු විය.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශුවෛද්‍ය නිළධාරීන්ගේ සහ සහායක කාර්ය මණ්ඩලයන්ගේ පවතින පුරප්පාඩු පිළිබඳ මෙහිදී විශේෂ අවාධානය යොමු වූ අතර කළමනාරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අනුමැතිය සහිතව මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු පිළිබදත් සාකච්ඡා විය.
විශේෂයෙන් පශුවෛද්‍යවරුන් ක්ෂේත්‍රයේ රාජකාරීවල නිරත වීමේ දී ඔවුනට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සහ වෙනත් පහසුකම් සපයා දීමේ වැඩපිළිවෙල පිළිබඳ අවධානය යොමු විය.


