අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ළඟදීම - මුදල් ලේකම්

අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ළඟදීම - මුදල් ලේකම්
  • SocialShare:

අමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් අනුව ඒ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.


IMF හි හතර වන සාමාලෝචනය ඉතාම සාර්ථකව අවසන් කළ බවද මුදල් ලේකම්වරයා පැවසීය.  මේ වන විට IMF හි 50% ක සිමාව අභිබවා යාමට ශ්‍රි ලංකාව සමත් වී තිබෙන බවත් නිර්ණායක ගණනාවක් අපට රටක් ලෙස සම්පූර්ණ කිරීමට හැකි වූ බවත්  ඒ මහතා පෙන්වා දුන්නේය.
IMF සඳහා යාමේදී අප රටේ පුරවැසියන්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය කරන සහන ලබා දීම වගේම ආර්ථිකය දියුණු කිරීමට  පහසුකම් සළසා ගන්නේ කෙසේද යන්න පිළිබඳව  අවධානය යොමු කළ බවත්  මෙම  වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ලොකුම කැපවීම දායකත්වය ලබා දී ඇත්තේ අප රටේ පොදු මහජනතාව බවත් ලේකම්වරයා පැවසුවේය.
IMF වැඩසටහන රට තුළ ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් බව පැවසු ලේකම්වරයා, ඊට පරිභාහිරව තවත් ආයතන ගණනාවක් මේ වැඩසටහනට සක්‍රිය සහයෝගය ලබා දෙන බවත් ඒ් ගමනේදී යම් යම් අපහසුතා ඇති විය හැකි බවත් ඒයට සාර්ථකව මුහුණ දෙන බවත් පැවසීය.
ඇතැම් අවස්ථාවලදී අන පනත්වල ඇතැම් සංශෝධන පවා කිරිමට අවශ්‍ය වන බවත් අනිත් පාර්ශවයන්ගේ විස්වාසය රැකෙන පරිදි කටයුතු කරන බවත් රටක් ලෙස මේ සඳහා සහයෝගය දෙන රටේ ජනතාවට ස්තූතිවන්ත වන බවද පැවසුවේය.