ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රටතුළ තිබෙනවා - කැබිනට් ඇමැති අවධාරණය කරයි

ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රටතුළ තිබෙනවා - කැබිනට් ඇමැති අවධාරණය කරයි
  • SocialShare:

ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය තෙල් තොග රටතුළ තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය. අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට ඇතැම් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වීමත් සමඟ ජනතාව බිය වී ඇති බවත්, අනවශ්‍ය තෙල් පෝලිම්වල රැඳි ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව ඉදිරි මාස දෙක හමාර සඳහා අවශ්‍ය තෙල් සංචිත රටතුළ පවතින බව ප්‍රකාශ කර ඇතැයිද , එසේ අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නැතැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.බොර තෙල් මෙට්ට්‍රික් ටොන් 160,000ක් සහ තවත් සති දෙකකින් මෙට්ට්‍රික් ටොන් 90,000ක් ලැබීමට නියමිත බවද කීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.