ජගත් පරිසර සතිය හෙටින් ඇරඹේ

ජගත් පරිසර සතිය හෙටින් ඇරඹේ
  • SocialShare:

ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය හෙට සිට ඇරඹේ.

හෙට (මැයි 30) ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනයයි

ජාතික පරිසර සතියේ ආරම්භය සනිටුහන් කරන හෙට දිනය ''ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය'' ලෙස නම් කර තිබේ.

ඊට අදාළ ජාතික වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සැලසුම් කර ඇති අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඈන්ටන් ජයකොඩි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී හෙට පෙරවරු 9.30 ට මෙම වැඩසටහන ආරම්භ වේ.

ජාතික ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජාතික වැඩසටහනක් සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වේ.''ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු'' හවුල් කරුවන් සහ කොටස් කරුවන් ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම පිළිබද දැනුවත් කිරීම වැඩසටහනේදී සිදු කෙරෙනු ඈත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.