මාතර වැලිගම සංචාරක කලාපයේ දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව පුහුණු කිරීම සිදුකරන ආයතන පරිශ්‍රයක දී එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු තමන්ට කරන ලද පහර දීමක් සම්බන්ධයෙන් JOSEPH JAMES WEBER හෙවත් THE LOST JOEY නම් යු ටියුබ් චැනලයේ හිමිකාර පිලිපීන ජාතිකයකු කරන ලද පටිගත කිරීමක් පසුගියදා (24) සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හැර තිබිණ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියෙන් කරන ලද විමසීම්වලට අනුකූලව එම සිදුවීම පසුගිය දෙදහස් විසි හතර (2024) වර්ෂයේ පෙබරවාරි මස 24 වන දින සිදුවූවක් බවත් අනතුරුව එම සංචාරකයා කරන ලද පැමිණිල්ලකට අදාළව එම සැකකාර ශ්‍රී ලාංකිකයා එදිනම අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කරන ලද බවත් එහිදී ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගයන්ට යටත්ව එම නඩු කටයුත්ත මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතින බවත් වාර්තා විය. මෙම සිදුවීම පිළිබදව රජයේ කණගාටුව පළ කරමින් මේ සම්බන්ධව සිදුකෙරෙන සියලු විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා රජය ලබාදෙන සහයෝගය පිළිබඳව එම පිලිපීන ජාතික සංචාරකයා දැනුවත් කිරීමටත් මේ වන විට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත්ව සංවර්ධනය කරා ගෙන යෑමට රජය සහ ඒ හා සම්බන්ධ සියලු පාර්ශව සිදුකරන දැඩි කැපවීම් අනර්ථකාරී තත්ත්වයට පත් කිරීමටත් රටේ කීර්ති නාමය විනාශය කිරීමට යත්න දරන ඕනෑම තැනැත්තකුට එරෙහිව දඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන වෙත රජය සියලු බලතල ලබා දී තිබේ.