මිත්‍රශීලී සහ ඵලදායී ලෙස නව රජයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කරනවා

මිත්‍රශීලී සහ ඵලදායී ලෙස නව රජයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කරනවා
  • SocialShare:

ජාතික සමගිය, සංහිඳියාව සහ වගවීම පිළබඳව නව රජය ගෙන යන ප්‍රතිපත්ති සාමය අගයන ජනතාව දිරි ගන්වනවනසුළු බවත් ඉදිරියේදීත් ඒ සම්බන්ධ සියලු කටයුතුවල දී රජය නොපැකිලිව ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවත් එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඉතා යහපත් ආකාරයෙන් පවතින බවත් ඉදිරි කාලයේ දී ඉතා මිත්‍රශීලී සහ ඵලදායී ආකාරයෙන් නව රජයේ ප්‍රතිපත්ති සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ශ්‍රී ලංකාව දක්වන කාර්යය ඇගයීමට ලක් කළ ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා වසර 70ක් පිරීම නිමිත්තෙන් ඔක්තෝබර් මාසයේ ලංකාවේ ද සැමරුම් උත්සයක් පැවැත්වීමට අදහස් කරන බවත් සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.