අභාවප්‍රාප්ත සිංහල සිනමාවේ නිළි රැජින, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද (25) පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කෙරේ .
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය ඊයේ (24) පස්වරු 5:00ට ඇයගේ නිවස වෙත රැගෙන ආවේය.
නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. මියයන විට ඇය 78 වන වියේ පසුවිය.
ඇයගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට(26) නිදහස් චතුරශ්‍රයේ දී සිදු කිරීමට නියමිතය.