සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර  හමුවක්
  • SocialShare:

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී  පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus  මහතා හමු වූ අතර, එහිදී  මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ව දීර්ඝ සාකච්ඡාවක්  පැවැත්විණි.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දහසක් අළුතින් ආරම්භ කිරීම, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන ජාත්‍යන්තර සංවිධාන සහ පරිත්‍යාගශීලීන් එක් කර මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් කටයුතු කිරීම, මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත සෞඛ්‍ය වෘත්තිකයින් විදේශගතවී‌මේ ගැටළුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් පදනම් කරගනිමින් විසඳුම් සෙවීම,  ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත්ව මෙරට ක්‍රියාත්මක කරනු ලබන  වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය ඇතුළු  කරුණු කිහිපයක් පිළිබඳව දීර්ඝව මෙහිදී  සාකච්ඡා සිදු කරන ලදි.

මීට අමතරව නුදුරු දිනකම මෙරට සංචාරයකට එක්වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus  මහතාට මෙහි දී ආරාධනා කළ අතර, එමෙන් ම 2025 ඔක්තෝම්බර් මස කොළඹ දී පැවැත්වෙන දකුණු ආසියානු කලාපීය සමුළුවට සහභාගීවන ලෙස ද අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාට ආරාධනා කරන ලදී. 

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන්  පිරිසක්  ද එක්විය.  

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.