මහජන චීන සමූහාණ්ඩුවේ චොංවිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක්

මහජන චීන සමූහාණ්ඩුවේ චොංවිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක්
  • SocialShare:

මහජන චීන සමූහාණ්ඩුවේ චොංවිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ  (19) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ  අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම, සහයෝගීතාව ශක්තිමත් කිරීම සම මාධ්‍ය ක්ෂේත්‍රෙය් පුහුණු අවස්ථා හුවමාරු කරගැනීම අරමුණු කරගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ චොංවිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත.

යෝජිත අවබෝධතා ගිවිසුම මගින් මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහන් හුවමාරු කරගැනීම, ඉගෙනුම් හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය ප්‍රචාරණය ලබාගැනීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත. ඒ අනූව මහජන චීන සමූහාණ්ඩුවේ චොංවිං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.