“Take Care - සුරැකෙමු මගතොට” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

“Take Care - සුරැකෙමු මගතොට” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

“Take Care - සුරැකෙමු මගතොට” යන ව්‍යපෘතිය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (19) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත.

පාසැල් සිසුන් මූලික කර ගනිමින් මෙම දැනුම්වත් කිරීමේ ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගෙන මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම මෙහි අරමුණයි.
පාසල්වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් සම්බන්ධ කර ගනිමින් අධ්‍යාපන කලාප 100ක මෙම යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000ක් සෘජුවම මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇත.
මෙම යෝජිත ව්‍යාපෘතිය සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ,ශ්‍රි ලංකා පොලීසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය විසින් සැලසුම් කර ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.