මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය තෙවන වරටත් සංවිධානය කරන “ටියුනප් දන්සැල“ මැයි මස 15 සහ 16 දෙදින නාරාන්හේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.
ජනතාවගේ පහසුව පිණිස සිදු කර ප්‍රජා සත්කාරක වැඩසටහනක් වන මෙම වැඩසටහන මගින් නොමිලේ යතුරු පැදි හා ත්‍රී රෝද රථ සුසුර කිරීමට හැකියාව ලැබෙන අතර ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරි කිරිමට මෙන්ම වාහන විෂ දුම අවම කිරීමට හැකි බව බවද එම නිවේදනයේ සඳහන් වේ.
නිවැරදි ශිල්පීය ක්‍රම තුළින් වාහන නිවැරදි කර ගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
එසේම රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව “ ලස්සන රටක් පිරිසිදු හුස්ම පොදක්“ වෙනුවෙන් වායු විමෝචක භාර අරමුදල මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.