ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ 2024 හි ප්‍රතිඵල පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ 2024 හි ප්‍රතිඵල පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්
  • SocialShare:

පසුගිය වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් කේන්ද්‍ර කරගනිමින් පැවැත් වූ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණය 2024 හි ප්‍රතිඵල පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

පාසල් යන වයසේ දරුවන්ගේ කායික, මානසික සහ සමාජයීය සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් ආවරණය පරිදි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සමීක්ෂණය සංවිධානය කරයි.
ඒ අනුව 2016 වර්ෂයේ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රතිඵල හා සංසන්දනය කරමින් 2024 වර්ෂයේ සමීක්ෂණයේ ප්‍රතිඵල මෙලෙස දැනුවත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සම්පත් දායකත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ, උසස් අධ්‍යාපන අංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ, විභාග දෙපාර්තමේන්තුවේ, ජාතික අධ්‍යාපන ආයතනයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.