රටවල් රැසක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවෙති

රටවල් රැසක තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවෙති
  • SocialShare:

තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල 07ක් සඳහා පත්ව සිටින නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අද අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ.


විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති මෙම හමුවේ දී අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ඉලක්ක සහ අභිලාෂයන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන්ට පෙන්වා දුන් අතර තමන්ගේ සේවා කාලයේ ඉදිරි සැලසුම්, වැඩපිළිවෙල් පිළිබඳව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අමාත්‍ය තුමා හමුවේ ඉදිරිපත් කිරීම් ද සිදු කළහ. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද එක්ව සිටියහ