දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවකට

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවකට
  • SocialShare:

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ අනුව රාත්‍රී කාලයේ දී දුරගමන් බස්රථ විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන අතර බීමත්ව රිය ධාවනය , මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය , අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස්ස්ථානාධිපතිවරුන් ඇතුලු උසස් නිලධාරීන්ට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.
එසේම පොලිස් කොට්ඨාසවලට අයත් තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා මහාමාර්ගයේ ධාවනය වන දුර ගමන් සේවා බස්රථ නිරන්තරයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ.
තවද යතුරුපැදි සංචාර ඒකකවල නිධාරීන් , ඉහත බස්රථ පරීක්ෂවාකට ලක්ඛර නීතිය ක්‍රියාත්මක කරන ජලෙසද වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
දුරගමන් සේවා බස්රථ රිය අනතුරුවලට ලක්වීම දිනෙන් දින ඉහළ යන බැවින් ශ්‍රී ලංකා පොලීසිය මෙම පියවර ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.