ජනාධිපති කාර්යාල පරිශ්‍රය ආශ්‍රිත වෙසක් සැමරුම අදත්

ජනාධිපති කාර්යාල පරිශ්‍රය ආශ්‍රිත වෙසක් සැමරුම අදත්
  • SocialShare:

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" තෙවැනි දිනටත් අද(14) ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භක්ති ගීත කණ්ඩායම් සහ දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන භක්ති ගීත වැඩසටහනද අද සහ හෙට පස්වරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

එමෙන්ම වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් පවත්වන කෙටි ආහාර දන්සල මැයි 16 වන දා දක්වා පැවැත්වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.