ලෝක දේශපාලන තත්වයන්ට මුහුණ දිමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි - අමාත්‍ය බිමල් රත්නායක

ලෝක දේශපාලන තත්වයන්ට මුහුණ දිමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි - අමාත්‍ය බිමල් රත්නායක
  • SocialShare:

ඉන්දීයාව හා  පකිස්ථානය අතර මේ වනවිට ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉන්දු පකිස්ථාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට  බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී  සාකච්ඡා කෙරිණි.

වරාය මෙන්ම  ගුවන්තොටුපොළ ද ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සුදානමින් පවත්වා ගතයුතු බවට අවධාරණය කළ අමාත්‍යවරයා ලෝක දේශපාලන තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් එය අවස්ථාවක් කර ගනිමින් කාර්යක්ෂම ව වරාය සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු සිදුකර ගතයුතු බවත් එහිදී පැවසීය.

වරාය අධිකාරියේ නිලධාරීන්,ගුවන්තොටුපල නිලධාරීන්, කොළඹ , හම්බන්තොට වරායන්වල පර්යන්ත භාර නිළධාරීන්, නැව් සමාගම් නියෝජිතයින් සහ රේගු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.