වසා දැමීමට ගිය මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට හැකි වුණා - මිල්කෝ ආයතනයේ සභාපති

වසා දැමීමට ගිය මිල්කෝ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමට හැකි වුණා - මිල්කෝ ආයතනයේ සභාපති
  • SocialShare:

රජයේ ප්‍රධානම කිරි නිෂ්පාදන ආයතනය වන මිල්කෝ ආයතනය පසුගිය මාස 05 තුළ සීඝ්‍ර දියුණුවක් ලබා ඇතැයි මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය මහතා පැවසීය. අලාභ ලබමින්, වසා දැමීමට ගිය මෙම ආයතනය අදවන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇතැයිද ඒ මහතා පැවසීය.


මිල්කෝ ආයතනයේ ප්‍රගතිය සහ එහි ඉදිරි කටයුතු යන මැයෙන්, අද(27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.
මේ වන විට මිල්කෝ ආයතනයේ බෙදා හැරීම් ජාලය විධිමත් කරඇති බවත්, මිල්කෝ ආයතනයෙන් නිෂ්පාදනය කරන හයිලන්ඩ් නිෂ්පාදන ජනතාවට අපහසුවකින් තොරව වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකියාව ඇතැයිද පැවසීය.
මේවන විට ආයතනයේ ණය 50%කට වැඩි ප්‍රමාණයක් ගෙවා ඇතැයිද සභාපතිවරයා පැවසීය.
කිරි ගොවියන් සඳහා ගෙවීමට තිබුණු හිඟ මුදල රු.මිලියන 500 ඉක්මවා තිබී ඇති අතර මේ වන විට එම ගිග මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් අතර, වෙනත් සැපයුම්කරුවන් වෙතද රු. මිලියන 790කට වැඩි හිඟ මුදලක් ගෙවා අවසන් බවද කීය.
එපමණක් නොව එහි බැංකු අයිරාව රු මිලියන 1800 ඉක්මවා තිබුණු බවද, අදවන විට එය රුපියල් මිලියන 1200 දක්වා අඩුකර ගැනීමට හැකි වූ බවද ඒ මහතා පැවසීය.
මේ වනවිට
හයිලන්ඩ් සන්නාමය ජනතාව අතරට ගෙනයාමට හැකි වූ බවත් , පසුගියදා පැවති සම්මාණ උළෙලකදී හොඳම කිරි නිෂ්පාදන සඳහා ලැබෙන සම්මානය, හයිලන්ඩ් කිරි සඳහා දිනා ගැනීමට හැකි වූ බවද කීය .
පසුගිය සමයේදී අඩපණ වී තිබුණු බෙදා හැරීම් ජාලයද මේ වන විට විධිමත් කර තිබෙන අතර, ඉදිරියේදී රට පුරා ප්‍රධාන නගර ආවරණය වන පරිදි මිල්කෝ ආයතනයේ අලෙවි සල් 500ක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.
මේ වන විට එම අලෙවි සල් කිහිපයක් ආරම්භ කර තිබෙන අතර, ඉදිරි මාස තුනක පමණ කාලයේදී එකී ඉලක්කයට යා හැකි වනු ඇති බවෙ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.