ආගමික සංහිඳියාව ඇති කිරීමෙන් උතුම් දළදා වහන්සේට ගෞරවය දක්වන්න - අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්

ආගමික සංහිඳියාව ඇති කිරීමෙන් උතුම් දළදා වහන්සේට ගෞරවය දක්වන්න - අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්
  • SocialShare:

මෙරට ජාතික සංස්කෘතිය සභ්‍යත්වය සංස්කරණය වී ඇත්තතේ බුද්ධ දේශනාවෙන් ලද ධර්මය තුළ බවත් එම ධර්මයේ උතුම්කම වැඩිපුර ඇතිවන්නේ මේ රට තුළ සහෝදරත්වය සාමය , එකඟතාවය. ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට එම ධර්මයෙන් ලැබෙන උතුම් ආභාෂය නිසා බවත් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ  අප්‍රේල් මස පැවැත්වීමට නියමිත සිරි දළදා වන්දනාව පිළිබඳව  අදහස් දක්වමිනි.

මේ රටේ පොදු උරුමයේ කොඳු නාරටිය වන බුදුදහම ආරක්ෂා කර ගැනීමට සෑම දෙයක් ම කළ යුතු බවත් මෙරටේ ඉතාමත් උතුම් වූ වස්තුවක් වන දන්ත ධාතූන් වහන්සේ සියලු දෙනාම ලද ආශිර්වාදයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

දළදා වහන්සේ ප්‍රදර්ශන කිරීමට රජය, අතිපූජ්‍ය වන්දනීය මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටීම සහ එම ඉල්ලීම පිළිගැනීම තමන්වහන්සේ ඉතා අගය කරන බවත් මෙම අවස්ථාවේදී අන්තර් ආගමික සහයෝගය සහ සහෝදරත්වය වර්ධනය කරන්නා වූ මෙවැනි උතුම් අවස්ථාවක් පිළිබඳව ඉතාමත් සතුටුවන බවත් හිමිපාණෝ වැඩිදුරටත් පැවසූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.