අයවැය සම්මත වීමෙන් පසු වත්මන් ආණ්ඩුවේ වැඩසටහන හෙට උදෑසන සිටම අරඹන බව සභානායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අයවැය තුන්වෙනිවර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අද(21) විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසීය.
විවාදය පැවති දිනයන් පුරාවට විපක්ෂයේ සාධාරණ අදහස් ඉදිරිපත් කළ පිරිස් සඳහා ස්තූතිය පළකරන බවත් සභානායකවරයා පැවසීය.විවේචන කොපමණ එල්ලකළද වත්මන් ආණ්ඩුව දිගින් දිගටම වැඩකරන බවත්, ආණ්ඩුව සැලැස්මක් අනුව කටයුතු කරන බවත් ඔහුකීය.
ඥාති සංග්‍රහ අවසන් කිරීමට කටයුතු කර ඇතිබවත් එය අවසන් කිරීමට කිසිදු රජයකට හැකියාවක් නොතිබූ බවත් සභානායකවරයා පෙන්වා දුන්නේය.වත්මන් ආණ්ඩුවේ සුදුසුකම් මත පමණක් තනතුරු ලබාදී ඇතැයිද ඔහුකීය.ආණ්ඩුවේ නාස්තිය අවමකිරීමට කටයුතු කර ඇතිබවත් , රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් වත්මන් රජය සිදුකර නැතැයිද ඔහු අවධාරණය කළේය.ජාතිවාදී දේශපාලනයද අවසන් කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
අපි ජාතිවාදී දේශපාලනයට කිසි අනුග්‍රහයක් නැහැ. අද අපේ කිසිදු කැබිටන් ඇමතිවරටෙයක් කිසිදු පොලිස් ආරක්ෂාවක් අරගෙන නැහැ. සමාජ සාධාරණ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙනවා. වෙන අයවැය වලදී අවධානය නොවූ මිනිසුන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් මෙම අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. සජබ හිතුවා imf එයාලට රියැලි ලව් කියලා. Imf යෝජනාවේ වැටුප් වැඩි කිරීම් ගැන තිබුණාද? පාසල් දරුවන්ට ලිපි ද්‍රව්‍යය ලබා දීම ගැන තිබුණාද? තව දවස් 20 තියෙන්නේ . ආයේ ලොවෙත් නැතිවෙන්න පඩි වැඩි කරලා තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ වැඩසටහන හෙට උදෑසන සිට අරඹනවා