පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අදින් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අදින් අවසන්
  • SocialShare:

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සුදුසුකම්ලත් අයදුම්කරුවන් වෙතින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීම අද(17) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වෙන බව මැතිවරණ කොමිෂන් සභාව  නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

මේ දක්වා අයදුම් නොකළ සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගේ සම්පුර්ණ කරන ලද ඡන්ද අයදුම්පත්‍රය තැපෑලට භාර නොදී අද(17) මධ්‍යම රාත්‍රී 12ට පෙර ස්වකීය ආයතනය පිහිටි දිස්ත්‍රිකයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන  ලෙස කොමිෂන් සභාව දැනුම්දෙයි.

එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ දිනය නැවත දීර්ඝ කරනු නොලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහත දැක්වේ.

5632

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.