වත්මන් රජය විසින් දැනෙන මූලික වැටුප් වැඩිවීමක් ලබාදී ඇතිබව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රටක වැටුප් ව්‍යූහයක් සකස් කිරීමේදී වැදගත්ම දෙය වනුයේ මූලික වැටුප් තලය ඉහල නැංවීම බවද, ඒ සමග සියලු දීමනා වැඩිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මූලික වැටුප් වැඩිවීමේ පළමු අදියර අප්‍රේල් මාසේ ලැබෙන කොටස පමණක් පදනම් කරගනිමින් අතිකාල දීමනා සහ වෙනත් දීමනා ගණනය කර එය මාර්තු මාසයට වඩා අඩුයැයි පෙන්වීමට යම් දේශපාලන කණ්ඩායමක් උත්සාහ කළ බව පෙන්වා දුන්නේය.
නමුත් රජයේ ප්‍රතිපත්තිය එය නොවන බවද, 2027 ජනවාරි මස ලැබෙන මුළු වැටුප් පැකේජයට අප්‍රේල් මාසේ දීමනා සාදන බවද 2027 ජනවාරි මස හිමිවන මූලික වැටුපට අප්‍රේල් මාසේ අතිකාල දීමනා, අමතර රාජකාරී දීමනා ආදිය සෑදෙන විට එය පවතින දීමනා වලට වඩා වැඩි බවද පැවසුවේය.
අතට හොඳ වැටුපක් ලබාදීමට කටයුතු කර ඇතැයිද, බඩු මිල අඩුකිරීමට මහන්සි වන බවද පැවසූ අමාත්‍යවරයා මෙය පිළිගෙන ආර්ථිකය වර්ධනය වන විට ඉල්ලීම් වලට යමු යනුවෙන් අවධාරණය කළේය. මින්පෙර මූලික වැටුප් වැඩිනොකර දීමනා එකතු කිරීම සිදුකිරීම හේතුවෙන් ඇතිවූ ව්‍යාකූල තත්ත්වයක් පවතින බවද, එයින් කාගේ හෝ අභිමානය හෝ ගෞරවය හානි වීමක් සිදුනොවන බවද පෙන්වා දුන්නේය. හොඳ මුදලක් අතට හිමිවන බැවින් හොඳට ජීවත් විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.