කාන්තා දිනයට සමගාමීව කාන්තා සතියක් ප්‍රකාශයට පත් කෙරේ

කාන්තා දිනයට සමගාමීව කාන්තා සතියක් ප්‍රකාශයට පත් කෙරේ
  • SocialShare:

එළඹෙන මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්  2025 මාර්තු 02 සිට 08 දක්වා ජාතික කාන්තා සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වීතිබේ.

ඒ අනුව  සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් ,සමානත්වය සවිමත්කිරීම යන්න මෙවර කාන්තා දින තේමාව වේ . එම දිනයට සමගාමීව තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් යන්න ප්‍රධාන තේමාව කරගනිමින්  ජාතික, පළාත් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට  අනුමැතිය හිමි වී තිබේ.