ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධානය යොමුවී ඇති බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය සහයෝගය සහ සම්පත් දායකත්වය නිරතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලද්දේ කොළඹ, නවලෝක රෝහල් නව ශ්‍රවණාගාරයේ දී පවත්වන්නට යෙදුන ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 04 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයට එක් වෙමිනි. මෙම වාර්ෂික අධ්‍යයන සැසිවාරයට සහයෝගීතාවය බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය ලබා දී ඇත.
ශල්‍ය වෛද්‍ය දැනුම සහ කුසලතා වැඩුමට ස්නායු ශල්‍ය වෛද්‍ය දිගහැරුම (Neurosurgery unleashed – carving pathways, crafting miracles) යන්න තේමා කර ගනිමින් මෙවර අධ්‍යයන සැසිවාරය පැවැත්විණි.
මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දීමේ දී ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ලබාදෙන විශිෂ්ට දායකත්වය ප්‍රශංසනීය බවත්, වර්තමානය වන විට රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ස්නායු රෝග සම්බන්ධ ව ප්‍රතිකාර සේවා ලබාදෙන ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් 27 දෙනෙක් සේවයේ නිරත වන බවත්, එම වෛද්‍යවරුන්ගේ සේවාව විශේෂ ඇගයීමකට ලක්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
ස්නායු ශල්‍යකර්ම අංශයේ කැපී පෙනෙන දියුණුවක් ඉදිරි කාලය තුළ දී ලබාගනිමින් මෙරට පුරවැසියන් සඳහා ඉහළ ස්නායු ප්‍රතිකාර සේවාවක් ලබාදීමට අවශ්‍ය ඉදිරි සැලසුම් සකස් කරන බව පැවසූ අමාත්‍යවරයා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් වර්තමානයේ මුහුණ දෙන ගැටළුවලට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද, ස්නායු ශල්‍ය වෛද්‍ය සේවාවේ ඉදිරි උන්නතිය සඳහා තමන් මෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය ද කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය සඳහා විශාල මුදලක් වෙන්කර ඇතිබව ය. ඉතිහාසයේ වෙන් වූ විශාලත ම මුදල් ප්‍රමාණය මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සදහා වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ද සදහන් කළ නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකාවේ ස්නායු වෛද්‍ය විද්‍යාවේ හස්තය ශක්තිමත් කිරීමට කැප වූ ක්‍රියාකාරී වෘත්තීය සංගමයක් ලෙස ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දිය හැකි බව ද සදහන් කළේ ය.
එමෙන් ම ස්නායු විශේෂඥයින් අතර සහයෝගීතාවය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමට ද, දැනුම හුවමාරු කර ගැනීමට මෙවැනි වාර්ෂික සැසිවාරයන් හේතුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසී ය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පුන්සිත් ගුණවර්ධන, ලේකම් විශේෂඥ වෛද්‍ය සාවස්කි පෙරේරා, ඉන්දියාවේ ස්නායු විද්‍යා සංගමය නියෝජනය කරමින් මහාචාර්ය මානස් පානි ග්‍රාහි (Prof,Manas Pani Grahi), බ්‍රිතාන්‍ය ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් මහාචාර්ය පීටර් හචන්සන් (Prof,Peter Hachansan),යන මහත්ම මහත්මීන් ද, ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්,වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.