තුර්කි තානාපතිවරයා කථානායකවරයා හමුවෙයි

තුර්කි තානාපතිවරයා කථානායකවරයා  හමුවෙයි
  • SocialShare:

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් (Semih Lütfü Turgut) මහතා පසුගියදා (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන ද්විපාර්ශවික සබඳතාවල ප්‍රධාන අංශ පිළිබඳව කථානායකවරයා සහ තානාපතිවරයා අදහස් හුවමාරු කර ගත්හ. පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින් දෙරට අතර සමීප සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා - තුර්කි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මේ අතර, තුර්කි තානාපති සෙමි ලුට්ෆු ටර්ගුට් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමුවිය. මෙහිදී පොදු උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය අවබෝධය සහ හවුල්කාරිත්වය පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළ තුර්කි තානාපතිවරයා, මෙරටට තවදුරටත් තුර්කි රජයේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.