නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
  • SocialShare:

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ යන මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමු වූහ.

ධුරයට පත්වීමෙන් පසු ත්‍රිවිධ හමුදාපතිවරු සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා හමු වූ අතර ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීමද සිදු කෙරිණි.