දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් 2025 ජනවාරි මස 24 වැනි දින වන විට නාවික හමුදාව විසින් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව, එම සහන කණ්ඩායම් බුද්ධංගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සහ අධික වර්ෂාව නිසා ආපදාවට පත්ව ඇති ලාහුගල මහ වැවේ වැලි කොට්ට යොදා තාවකාලික ආධාරක ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේ වන විට පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් 3009 දෙනෙකු වෙත නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සලසා ඇත.
තවද, ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් හතලිස් අටක් (48) සූදානමින් තබා ඇත.