ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා පිරිසිදු කර අළුත්වැඩියාට සඳහා නාවික හමුදාවේ සහය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රජයේ වී ගබඩා පිරිසිදු කර අළුත්වැඩියාට සඳහා නාවික හමුදාවේ සහය
  • SocialShare:

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, මහ කන්නයේ වී අස්වැන්න ගබඩා කිරීම සඳහා නාවික හමුදාව විසින් අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා පිරිසිදු කිරීම හා අළුත්වැඩියා කිරීම, 2025 ජනවාරි මස 23 වැනි දින ආරම්භ කෙරිණි.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. ඒ අනුව නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් ආරම්භ කෙරුණු මෙම රජයේ වී ගබඩා පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ වැඩසටහන යටතේ, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්ක තුළ පිහිටි නොච්චියාගම, තලාව සහ අල්කඩවේලි යන රජයේ වී ගබඩා සංකීර්ණ පිරිසිදු කිරීම නාවික හමුදාව මඟින් ආරම්භ කෙරුණු අතර, එම දිස්ත්‍රික්ක තුළ පිහිටි රජයේ වී ගබඩා 24 ක් මෙම පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ වැඩසටහන යටතේ නාවික හමුදාව විසින් පිරිසිදු කර අළුත්වැඩියා කිරීමට නියමිතව ඇත.

තවද, ජාතික කර්තව්‍යන්හිදී අවශ්‍ය සහය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතුරුව සූදානමින් සිටියි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.