ජපානයේ ජගත් තරුණ නෞකා වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත තරුණ තරුණියන් අද (21) තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හමුවිය. මෙවර වැඩසටහන සඳහා තරුණ තරුණියන් 9දෙනෙකු සහභාගී වීමට නියමිත අතර ලබන 24 වෙනිදා ඔවුන් ජපානය බලා පිටත් වීමට කටයුතු යොදා ඇත.
වාර්ෂිකව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ජපන් රජයේ ආරාධනයෙන් ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධීකරණයෙන් තරුණ තරුණියන් තෝරා ගැනීම සිදු කරයි.
දිවයින පුරා තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැඳවීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් අනතුරුව තෝරා ගන්නා තරුණ තරුණියන්ට මාස 3ක පුහුණුවක් ලබා දීමෙන් පසු මෙම වැඩසටහන සඳහා යොමු කෙරේ.
එහි දී මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදු කරන ඉදිරිපත් කිරීම්, ශ්‍රී ලංකාවේ සංස්කෘතික කලා විවිධත්වය පිළිබඳව වූ ඉදිරිපත් කිරීම් සහ ලාංකීය තාරුණ්‍යයේ හැකියාවන් විදහා දැක්වෙන ඉදිරිපත් කිරීම් සිදු කිරීමට නියමිතය.