විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් ජනවාරි 04 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.

මෙහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ආදී විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින බොහෝ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.

මෙම හමුවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් හා සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපකුලපතිවරු සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.