රාජ්‍ය සේවකයින් ලෙස ලබා දුන් ප්‍රතිඥාව අනුව කටයුතු කරමින් 2025 වර්ෂය ජනතා බලාපොරොත්තු ඉටු කරන වසරක් බවට පත් කර යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වෘත්තීය අධ්‍යාපන අංශයේ සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය. අමාත්‍යාංශ පරිශ්‍රයේ සියලු ඒකක වෙත ගිය අග්‍රාමාත්‍යවරිය නිලධාරීන් රාජකාරියේදි මුහුණ දෙන ගැටළු පිලිබඳව සිය අවධානය යොමු කළා ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය,
රටක් හදන්න රජයකට, පක්ෂයකට හෝ දේශපාලන අධිකාරියට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි ඒ වෙනුවෙන් පුරවැසියන් මෙන්ම රටේ සියළු අංශ එක් විය යුතුයි.
රාජ්‍ය සේවකයන් ලෙස ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ විශේෂ වගකීමක් ඔබට තිබෙනවා. Clean Sri Lanka වැඩසටහනේ අරමුණ පරිසරය පිරිසිදු කිරීම පමණක් නෙමෙයි. මානව ප්‍රජාව ආකල්පමය වශයෙන් වෙනස් කිරීමත් ඇතුළත් වෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයට ඒ වෙනුවෙන් විශේෂ වගකීමක් පැවරෙනවා.