ජාතික ජන බලවේගය බලය පිහිට වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 200 පසු කෙරේ

 ජාතික ජන බලවේගය බලය පිහිට වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 200  පසු කෙරේ
  • SocialShare:

ජාතික ජන බලවේගය අද(24) වන විට පළාත් පාලන ආයතන 200කට වැඩි ප්‍රමාණයක බලය හිමිකර ගැනීමට සමත් වී තිබේ.


පළාත් පාලන ඡන්ද විමසීම පසුගිය මැයි 06වනදා පැවැත් වූ අතර, පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම පසුගිය දින කිහිපයේදී සිදු කෙරුණි.

ඒ අනුව ඉකුත් ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතරය හිමිනොවූ කොළඹ, කළුතර, ගාල්ල, කුරුණෑගල පුත්තලම සහ නුවරඑළිය මහ නගර සභා ඇතුළු රටේ ප්‍රමුඛතම නාගරික පළාත් පාලන ආයතන ගණනාවක බලය ජාතික ජන බලවේගයට හිමි වී තිබේ.

අද (24) දිනට ජාතික ජනබලවේගය විසින් මෙතෙක් බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන පහතින් දැක් වේ.

පළාත් පාලන ආයතන 2025 page 0001