වරාය අධිකාරියට අයත් දැනට අකර්මන්‍ය වී ඇති ටග් යාත්‍රා නැවත සක්‍රීය තත්වයට පත් කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙස වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහකා එම අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබේ.
කොළඹ වරායේ ටග් යාත්‍රා අංගනයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා නිසි අලුත්වැඩියාවකින් තොරව අකර්මන්‍ය වීමට ඉඩ හැර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මින් ඉදිරියට එසේ නොවිය යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පෞද්ගලික අංශය සමග තරගකාරීව මෙම සේවා සැපයීමේ හැකියාව මෙම යාත්‍රා අකර්මන්‍ය වීමෙන් අහිමිවී ඇති බව එහිදී එම අධිකාරියේ සේවකයන් නියෝජය අමාත්‍යවරයාට පවසා ඇත.


