1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) සිදු කෙරේ
එම නව කාර්යාලය 1990 ගිලන්රථ සේවාවේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා ජනතාවට ඉක්මන් හදිසි වෛද්‍ය සේවා ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. නව කාර්යාලය මගින් ගිලන්රථ මෙහෙයුම්, සම්බන්ධීකරණ කටයුතු සහ හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


