කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවල ක්‍රියාත්මක කෙරෙන පැය 24ක ජල කප්පාදුව උපරිම පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ජල පාරිභෝගිකයින්ගේ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද එම මණ්ඩලය සඳහන් කරයි.
එසේම බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල අවට ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් වශයෙන් රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 1.00 දක්වා පැය 3ක කාලයක් ක්‍රියාත්මක කරන ජල කප්පාදුව තවදුරටත් සිදුවන බවද ජලාපවාහන මණඩලය දැනුම් දෙයි.


