1990 සුවසැරිය” ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය නව පරිශ්‍රයකට.

1990 සුවසැරිය” ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය  නව පරිශ්‍රයකට.
  • SocialShare:

“1990 සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

නව කාර්යාලය කොළඹ 07 හොර්ට්න් පෙදෙස අංක 43 ස්ථානයේ ස්ථාපිත කර තිබේ.

2016 සිට රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ප්‍රධාන කාර්යාලය රජයේ ගොඩනැගිල්ලකට මාරු කිරීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන 25ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි  වූ බව මෙම අවස්ථාවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ආරම්භ කළ 1990 සුවසැරිය සේවාව අද ස්ථාවරත්වයට පත්ව ඇති බවද අමාත්‍යවරයා පැවසීය. එම සේවාව ආරම්භ කිරීමට කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසටත් ඉන්දීය රජය සහ ජනතාවටත් ඔහු විශේෂ ස්තූතිය පළ කළේය.
මේ වනවිට ගිලන් රථ 322ක් දිවයින පුරා සේවය සපයන අතර දිනකට දුරකථන ඇමතුම් 5000කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර හදිසි අවස්ථා 1000කට වැඩි ප්‍රමාණයක් සඳහා සේවාව ලබාදෙන බව ද සඳහන් වේ. “ජීවිතයක් සුරැකීම” ප්‍රධාන අරමුණ කරගත් මෙම සේවාව මහජනයාට නොමිලේ ලබාගත හැකි පූර්ව රෝහල් හදිසි සත්කාරක ගිලන් රථ සේවාවකි.