වගා වන්දි වශයෙන් රුපියල් මිලියන 1640 ක් ගෙවා අවසන්

වගා වන්දි වශයෙන් රුපියල් මිලියන 1640 ක් ගෙවා අවසන්
  • SocialShare:

නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ වී ,බඩ ඉරිඟු,ලොකු ලූණු,අර්තාපල්,මිරිස්,සෝයා යන වගාවන්වලට සිදු වූ හානි සඳහා රුපියල් මිලියන 1640 කට ආසන්න මුදලක් කෘෂී රක්ෂණ වන්දි ලෙස අක්කර 95128 වගා කල ගොවි මහතුන් 79602කට කෘෂීකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ලබා දි ඇත.‍

මෙහිදි ස්වාභාවික ආපදා තත්ත්වයන් වන ගංවතුර, අධීක වර්ෂාව,නියඟය මෙන්ම රෝග ,පලිබෝධ ,වන අලි හානි වැනි තත්ත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්ෂණ ආවරණ ලබා දීම සිදු කෙරේ. ගොවි මහතුන්ගේ කිසිදු අයකිරීමක් සිදු නොකරන වගා හානි සඳහා වන්දි මුදල් රජය විසින් දරනු ලබයි.
වගාවන්ට සිදුවන හානිවලදි ගොවියා ආර්ථික වශයෙන් ශක්තිමත් කර තවදුරටත් කෘෂීකර්මාන්තයේ රදවා ගැනීම සඳහා උනන්දු කිරෙීම රජයේ ප්‍රධාන අරමුණ බැවින් මෙම වගා හාන් රක්ෂණමුදල් කඩිනමින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කර සහන සැලසීමට කටයුතු කර ඇත.