අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතුයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්
  • SocialShare:

සියලුම ආකාරයේ හිංසනයන් හා ප්‍රචණ්ඩත්වයන්ගෙන් ළමයින් වළක්වා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද එම යාන්ත්‍රණයේ තවත් පියවරක් ලෙස අවුරුදු 16 දක්වා දරුවන්ගේ අනිවාර්යය අධ්‍යාපන අයිතිය තහවුරු කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (12) ජරයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව ලංකාවේද කැබිනට් පත්‍රිකාවකින් ළමයින් වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම, ජංගම වෙළඳාම සඳහා දරුවන් යොදාගැනීම, ගෘහස්ථ සේවය සහ අන්තරායකාරී රැකියා වල යෙදවීම අවසන් කිරීම යන කාරණා සම්බන්ධව ඒකාබද්ධ වැඩසටහනක් යටතේ කටයුතු කරන බවද පැවසුවාය.

එම අමාත්‍ය මණ්ඩල සටහනේදී ලංකාවේ පවතින නීති කම්කරු අමාත්‍යංශය සහ මෙතෙක් ළමයින් සුරක්ෂිත කිරීම සම්බන්ධව ලංකාවේ පැවති නීති පැවතියා වුවද අද වනතුරුත් ලංකාවේ වීදි වල දරුවන් සිඟමනේ යෙදවීම, අන්තරායකාරී සහ අනාරක්ෂිත රැකියා වල යෙදවීම, වෙළඳාමේ සහ ළමා මෙහෙකාර සේවයේ යෙදවීම යන කාරණා අදටත් සිදුවන බවද අවධාරණය කළේය.

දරුවන්ගේ අධ්‍යාපනයේ අවස්ථාව ලබාදිය යුතු බවද ළමයින්ගේ ළමා කාලය ගත කිරීමට හිමිකම ලබාදිය යුතු බවද පැවසුවාය. ඒ සදහා ලංකාවේ වීදිවල සිටින දරුවන්, ජීව විද්‍යාත්මක භාරකරුවන් සමග මහපාරට පැමිණ සිඟමනේ යෙදෙන පවුල් හා ජීව විද්‍යාත්මක දෙමවුපියන් නොවන වෙනත් රැකබලා ගන්නන් විසින් මෙහෙකාර සේවයට, සිඟමනට, බලහත්කාරී රැකියා වලට අන්තරායකර අවස්ථා වලට යොමුකර ඇතැයිද සදහන් කළාය.

එමගින් ළමයින් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීම පසුගිය කාලයේ වාර්තා වුණු බවද බාල වයස්කාර දරු දැරියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස යොදාගැනීමත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට තැරැව්කරුවන් ලෙස ආදී වශයෙන් දරුවන් අන්තරායකර රැකියා වල යොදාගෙන ඇතැයිද සදහන් කළාය.

එමනිසා දරුවන් අයිති රටටයි යන තේමාවේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සිටින බවද එමනිසා මෙම සියලුම දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය, අධ්‍යාපවයේ අයිතිය, ළමාවියේ අයිතිය ලබාදීම සදහා මෙම දරුවන් සියලු දෙනාටම සුරක්ෂිත හෙටක් සැදීම වෙනුවෙන් මෙම අමාත්‍ය මණ්ඩල සටහන ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් පැවසුවාය.

එම අමාත්‍ය මණ්ඩල සටහනේ අවිධිමත් රැකියාවල අයස අවුරුදු දහසයට අඩු දරුවන් යම් තැනක රැඳී සිටිනවා නම්, මංමාවත් වල සිඟමන් යෙදෙන තත්ත්වයන්වල දක්නට ලැබෙනවා නම්,ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඕනෑම පුරවැසියෙකුට හැකියාව ඇතැයිද අවධාරණය කළාය.

ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසද ඉල්ලා සිටි අමාත්‍යවරිය රටක් ලෙස දරුවන් මින් මුදවා ගැනීම සදහා ඒකාබද්ධ කටයුතු වල යෙදීමේ අවශ්‍යතාවය පිළිබඳවද පැහැදිලි කළාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.