මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදාගෙන මෙරටට ගෙන්වා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදාගෙන මෙරටට  ගෙන්වා ගැනේ
  • SocialShare:

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා ඊයේ(06) මුදවාගත් බව විේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.


මුදවා ගනු ලැබූ මිනිස් ජාවාරමට හසු වූ මෙම පිරිස අද දිවයිනට පැමිණීමට නියමිතය.

15 දෙනාගෙන් යුතු  මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ඊයේ පෙරවරුවේ මියන්මාර – තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙත තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබීය .

ශ්‍රී ලාංකිකයන් භාරගැනීමේ අවස්ථාවට තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීහූ පිරිසක් ද එක්ව සිටියහ .

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ වරින් වර කළ දුරකථන සංවාදවල ප්‍රතිපලයක් අනුව මෙම පිරිස මුදවාගෙන තිබේ.