සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධ සම්මේලන පරිශ‍්‍රයේදී බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් අද සවස 6.00 ට ආරම්භ වේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ට මහතාගේ මගපෙන්වීම යටතේ බෞද්ධාලෝක වෙසක් ප‍්‍රධාන සංවිධායක උපුල් රූපසිංහ මහතා ප‍්‍රමුඛ සංවිධායක කමිටුව මෙම වැඩසටහන සංවිධානය කරයි.
මැයි 12 සිට ආරම්භ වන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 14 වන දින දක්වා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇතැයි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති වෛද්‍ය රානි ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.
බෞද්ධාලෝක වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ 24 වෙනි වරටය.
මහනුවර ෙඓතිහාසික රටේමුල්ල රාජමහා විහාරස්ථානයෙන් වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට අලංකාර පෙරහැරකින් සම්මේලන පරිශ‍්‍රයට ප.ව.6.00 ට වැඩම කරන සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා ප‍්‍රථම අෂ්ටපාන ගිලන්පස සහිත මල් පහන් පූජා කිරීමේ චාරිත‍්‍ර ධර්මයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීම සිදු වේ.
ප‍්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් සම්මේලන පරිශ‍්‍රයේදී විචිත‍්‍ර ධර්ම දේශකයාණන් වහන්සේලා විසින් මෙහෙයවනු ලබන ධර්ම දේශනා , ධර්ම සාකච්චා සහ භාවනා වැඩසටහන් ඇතුලත් සීල සමාදාන වැඩසටහන වෙසක් පොහෝ දින පෙ.ව.6.00 සිට ප.ව.5.00 දක්වා පැවැත්වේ.
බොරැල්ල මංසන්ධියේ සිට ගාලූපාර මංසන්ධිය දක්වා මාර්ගය දෙපස සාම්ප‍්‍රදායික අටපට්ටම් කූඩුවලින් අලංකාර වන අතර දිවයිනේ දක්‍ෂ කලා ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබන අලංකාර වෙසක් පහන් කූඩු ප‍්‍රදර්ශනයෙන් හා අලංකාර තොරණකින් බෞද්ධාලෝක මාවත විචිත‍්‍රවත් ලෙස ආලෝකමත් වනු ඇත.