ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 100ක් වෙන් කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2026 අයවැය කතාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සම්බන්ධ කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය ආයතන නැවත ගොඩ නැගීම ආරම්භ කර ඇතැයිද හෙතෙම පැවසීය. 2026 අය වැයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන් රූපවාහිනී සේවය යන ආයතනවල මෙහෙයුම් සහ අත්‍යාවශ්‍ය මූලධන මෙහෙයුම් සඳහා අයවැයෙන් මුදල් වෙන් කෙරේ
ජනමාධ්‍යකරණයේදී අවශ්‍ය නව තාක්ෂණය, මාධ්‍යවේදීන් පුහුණු කිරීම්, ශිෂ්‍යත්ව, මාධ්‍ය උපකරණ සහ මාධ්‍යවේදීන් සඳහා නිවාස ලබා දීම සම්බන්ධයෙන්ද මෙවර අයවැයෙන් අවධානය යොමු කෙරේ.


