අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්

අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන රැසක්
  • SocialShare:

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන්  රුපියල් බිලියන 110 ක් වෙන් කර ඇතැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අද(07) පාර්ලිමේන්තුවේදී අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන දස දහසක් වෙන් කර ඇතැයිද අමාත්‍යවරයා කීය. අග්‍රහාර රක්ෂණ දායකත්ව මුදල තවත් වැඩි කර තිබේ.
2016 ජනවාරි 1 දින සිට රාජ්‍ය සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපි වල විශ්‍රාම වැටුප පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කර තිබේ.
රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ පනහ දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්  මෙවර අයවැයෙන් වෙන් කර තිබේ. රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ.
2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි