දිවයින පුරා ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක් ඉදිකිරීමේ නියමු ව්‍යාපෘතිය ලෙස ගාල්ල, කලුතර, රත්නපුර, නුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල දැනට පවතින මාතෘ සහ ළදරු සායන 05ක් තෝරාගෙන අවශ්‍ය කාර්යය මණ්ඩලය සහ භෞතික සම්පත් ලබාදෙමින් සැප්තැම්බර් 26 වනදා ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ග්‍රාම නිලධාරී වසම් 3ක් , 4ක් ජනගහණය 10,000ක් පමණ ආවරණය වන පරිදි දැනට තවත් අලුත් ස්ථාන 100ක් හඳුනාගෙන ඇති බවද එම ඉඩම් නිරවුල් කරගැනීමේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ කණ්ඩායමක් විසින් මෙම දිනවල සිදුකරනබවද පැවසුවේය. ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කරලා තියෙන අයවැය ප්‍රතිපාදන තුළ සකසා ගැනීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසුවේය.
මෙයට අවශ්‍ය කාර්යය මණ්ඩලය පුහුණු කිරීමේ කටයුතු මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කරලා තියෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතැළු අදාල කණ්ඩායම් සමග සාකච්ඡා වට ගණනාවක් මේ වන විට සිදුකරමින් පවතින බවද සදහන් කළේය.
ඒ අනූව දිස්ත්‍රික් ගණනාවක් ආවරණය වන ලෙස පළමු ප්‍රාථමික සුවතා මධ්‍යස්ථාන 100 මෙම වසර තුළදී ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද අවධාරණය කළේය.


