කොළඹ වරායට ගැන්ට්‍රි දොඹකර 07ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

කොළඹ වරායට ගැන්ට්‍රි දොඹකර 07ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

නැගෙනහිර බහළු පර්යන්තයේ (ECT) සහ ජය බහළු පර්යන්තයේ ( JCT ) බහළු මෙහෙයුම සඳහා ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහළු පර්යන්තයේ සහ ජය බහළු පර්යන්තයේ බහළු මෙහෙයුම් සඳහා රබර් ටයර් සවිකළ විදුලි බලයෙන් ක්‍රියාකරවන ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීමට 2025 වර්ෂයේ අයවැය යටතේ එම අධිකාරිය විසින් ප්‍රතිපාදන සළසා ගනු ලැබ ඇත.
ඒ අනුව , ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පදනය නිරීම පිණිස ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.