නන්දසිරි ජාසෙන්තුලියන මහතා විසින් රචිත "Darkness at Daybreak" ග්‍රන්ථය හා නීතිඥ නිහාල් සෙනෙවිරත්න මහතා විසින් රචිත " Memories of 33 years in Parliament " ග්‍රන්ථය මාර්තු 15 දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිරිනැමිණි.
මෙම ග්‍රන්ථ දෙක පාර්ලිමේන්තුව පිළිබඳව රචිත ග්‍රන්ථ දෙකකි. මේ අතරින් නීතිඥ නිහාල් සෙනවිරත්න මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයෙකු ලෙස වසර 17 ක් සේවය කර ඇති අතර වසර 33ක පාර්ලිමේන්තු සේවා කාලය තුළ තමා ලද අත්දැකීම් ඇසුරෙන් "Memories of 33 years in Parliament "ග්‍රන්ථය රචනා කර ඇත.
මෙම අවස්ථාවට ධනුෂ්කි ලියනපටබැඳි මහත්මිය සහභාගී වූවාය.