පුරප්පාඩු බලා අවශ්‍යතාවය අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදුකරනවා -කැබිනට් ප්‍රකාශක

පුරප්පාඩු බලා අවශ්‍යතාවය අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සිදුකරනවා -කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

පුරප්පාඩු බලා අවශ්‍යතාවය අනුව  රාජ්‍ය සේවයේ  පවතින පුරප්පාඩු වලට බඳවාගැනීම් සිදුකරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා මේ වනවිට  යම් ක්‍රමවේදයක් අනුව කටයුතු කරමින් සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.  දේශපාලන වාසි ලබාගැනීම සඳහා කලින් රජයන් මෙන්, කිසිදු විචාරයකින් තොරව රාජ්‍ය සේවයට පිරවීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ වන විට අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කර ඇතැයිද, එය මුදල් අමාත්‍යංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව එක් එක් අමාත්‍යංශ ආයතන විසින් ඉල්ලා ඇති පුරප්පාඩු වලට මේ වසරේදී අනුමැතිය ලබාදිය හැකි ප්‍රමාණයට අනුමැතිය ලබාදෙන බවද පැවසුවේය.

අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඇති අනුකමිටුව විසින් සකස් කළ වාර්තාව කැබිනට් මණ්ඩලය අනුමත කළ අවස්ථා දෙකක් ඇතැයිද පළමු අවස්ථාවේ ආයතන 10ක පුරප්පාඩු 7456ක් පිරවීමට අනුමැතිය ලබාදී ඇතැයිද ඒ අනූව එම අමාත්‍යංශ සහ ආයතන එම බඳවාගැනීම් සිදුකිරීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළේය.

එම ආයතන අයදුම්පත් කැඳවා ඇතැයිද සමහර ආයතනවල සම්මුඛ පරීක්ෂණ අරඹා ඇතැයිද පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා ඒ අනූව මෙම 7456 බඳවා ගැනීමට කටයුතු කරන බවද පැවසුවේය. පසුගිය මාර්තු 10 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තවත් 5882කට බඳවා ගැනීම් සඳහා අනුමැතිය හිමිවී ඇතැයිද එම කටයුතු මේ වන විට ඇරඹී ඇතැයිද පැවසුවේය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ පුරප්පාඩු 2583කට අනුමැතිය හිමිවූ බවද එම පුරප්පාඩු ප්‍රමාණය මෙයට ඇතුලත් නොකළේ හෙද සේවයේ 2218ක් බඳවා ගැනීමට පමණක් අනුමැතිය හිමිවූ අතර නමුත් එම කණ්ඩායමේ 3000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පැවසූ අමාත්‍යවරයා 3147ක් බඳවා ගැනීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ සාකච්ඡාවට ඉඩකඩ තබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය නොමැතිව මේ වන විට දෙවන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 5882කට අනුමැතිය ලබාදුන් බවද අවධාරණය කළේය.

ඒ අනූව සමස්ථයක් ලෙස 13,338ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට දැනට අනුමැතිය හිමිවී ඇතැයිද මෙයට අනිවාර්ය වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවුණු හෙද නිලධාරීන් 2218ක් , ආයුර්වේද වෛද්‍යවරු 304ක් ආදී ලෙස 2583ක්  බඳවා ගැනීමට අනුමැතිය හිමිවී ඇතැයිද පැවසුවේය. ඒ අනූව 15,921කට රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට දානට අනුමැතිය හිමිවී ඇතැයිද එම කටයුතු ඇරඹී ඇතැයිද පැවසුවේය.

මෙම තනතුරු වලට අදාල පිරවීම් කිසිවක් පදනමකින් තොරව නොකරන බවද පුරප්පාඩු බලා භාණ්ඩාගාරයේ හැකියාව අනූව රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය පුරප්පාඩු පුරවමින් සිටින බවද වැටුප් වැඩිවීමත් එළෙසම සිදුකළ බවද සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.