"කප්තුරු සවිය" උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය හෙට(02) පුදුකුඩුඉරිප්පු නගරයේදී , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි .
2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර, 2027 වර්වෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා වැඩි කිරීමට සුදානම් බවත් හෙතෙම පැවසීය.
යාපනය , මුලතිව් , මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට මෙන්ම උතුරේ පළමු බීජ ගොවිපල පලෙයි නගරයේ ආරම්භ කිරීමටද සැළසුම් යොදා තිබේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය උතුරු ප්‍රදේශයට රැගෙන යාමට හේතුවක් වූයේ එම ප්‍රෙද්ශවල සංවර්ධනය අඩු මට්ටමෙන් පැවතීමත් , පොල් වගා කිරීමට යෝග්‍ය ඉඩම් සහ දේශගුණය තිබීමත් , ජනතාව වගා කිරීමට කැමැත්තෙන් පසුවීමත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


