මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුවය ලැබු රෝගීන් 382ක්- කොවිඩ් අසාදිතයින්-891ක්

    COVID-19 පැතිරීම අවම කිරීම හා ඒ ආශ්‍රිත සමාජ සුභසාධන වැඩසටහන් ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරකම් සඳහා සහයෝගය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මුදල් රැස් කිරීමට මුලපුරමින් ‘ඉටුකම’ වැඩසටහන 13 දින ආරක්ෂක අමාත්‍යාංශයේදී දියත් කරන ලදී.

    අප්‍රේල් මාසයේ පමණක් රුපියල් 5000 දීමනාව 74 ලක්ෂයකට ලබාදී තිබෙන බවත් මැයි මාසයේ රුපියල් 5000 බැගින් නැවත වතාවක් කොවිඩ් 19 පීඩවට පත් ජනතාව වෙනුවෙන් ගෙවීමට භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලබාගැනීමට වූ කැබිනට් පත්‍රිකාව ඊයේ අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

     

    COVID-19 වසංගතය හේතුවෙන් පිඩාවට පත් වී ඇති ජනතාවට සහන සැළසීම වෙනුවෙන් රජය විසින් ලබා දුන් රුපියල් 5,000 දීමනාව දෙවන වරටත් ලබා දීම සදහා 5,144,046 ක් වූ මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාවකට රුපියල් කෝටි 2,572 ක මුදලක් භාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීම වෙනුවෙන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉරිදිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවත්, මහජනතාවගේ මුදල් මහජනතාවගේ පීඩාව වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය

     

    එහි දී, රුපියල් 5,000 වැඩිහිටි දීමනාව ගෙවීම සඳහා 629,214 දෙනකු වෙනුවෙන් සඳහා මිලියන 3,146 ක්, 489 ක් වූ වයස අවුරුදු සියයට වැඩි ජ්‍යෙෂ්ඨ පිරිස වෙනුවෙන් මිලියන 2.4 ක්, අබාධිත පුද්ගලයින් 123,641 වෙනුවෙන් මිලයන 619 ක්, වකුගඩු රෝගීන් 44,291 කට මිලියන 221 ක් වෙන් කොට ඇත.

    එමෙන්ම, මේ වෙනතෙක් වැඩිහිටි, අබාධිත, වකුගඩු දීමනා/සහනාධාර ලැබීම වෙනුවෙන් පොරොත්තු ලේඛන වල සිටි අයවලුන් සඳහා ද ගෙවීම් කටයුතු කරන බව ද සඳහන් විය. මෙරට වැඩිහිටි, අබාධිත, වකුගඩු රෝගීන්ගේමුළු සංඛ්‍යාව 797,635 ක් වන අතර ඒ වෙනුවෙන් මිලියන 3,988 කි.

    ඊට අතිරේකව අග්‍රාමාත්‍යතුමා වෙත අභියාචනා ඉදිරිපත් කළ ප්‍රතිලාභින්ට අතිරේකව ග්‍රාමීය කමිටු වලින් හඳුනාගත් වැඩිහිටි, අබාධිත, වකුගඩු දීමනා ගෙවීම සඳහා තවත් 71,383 දෙනකු වෙනුවෙන් මිලියන 356 ක් ද වෙන් කොට ඇත.

    ඒ අනුව, සමෘද්ධි ලාභීන් 17,98,293 ක් වෙනුවෙන් රුපියල් බිලියන 8,991.47 ක් ද, සමෘද්ධි පොරෝත්තු ලේඛන 1 සහ 2 යටතේ සිටි 731,975 ක් වෙනුවෙන් මිලියන 3,659.87 ක්, ග්‍රාමීය කමිටු හඳුනාගත් අඩු අදායම් ලාභී පවුල් මෙන්ම ඍජු හා වක්‍රාකාරයෙන් ජිවනෝපාය අහිමිව සිටින පවුල් 1 9,24,967 වෙනුවෙන් මිලියන 9,624.84 ක්, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන අලද චක්‍රලේඛ ප්‍රකාරව හඳුනාගත් පුද්ගලයින් 688,811 ක් වෙනුවෙන් රුපියල් මිලියන 3,444.46 වෙනුවෙන් ද වෙන් කොට තිබේ. ඒ අනුව එකී දීමනාව ලබන සතියක දී මහජනතාවට ලබා දීමට නියමිත බව ද අමාත්‍යවරයා  කියා සිටියේය.

     

     

     

     

     

     

     

     

    විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායක වෙයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.