හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කොට තිබූ බේරුවල ප්‍රදේශයේ පන්විල, චීන කොරටුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ යන ගම්මාන තවදුරටත් හුදෙකලා ගම්මාන නොවන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටී.
කොරෝනා වෛයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි විදේශ රටවල රැකියාවන්හී නිරතව සිටින විගමණික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොවිඩ්-19 ව්‍යසනයෙන් බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමා දීර්ඝ කෙරෙයි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 210 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් හෙට (06) දිනයේ දී ද එක්සත් රාජධානියේ සිට මෙරටට රැගෙන ඒමටනියමිත ව ඇති අතර ඔවුන් සියලු දෙනා ද නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කරන බවත් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
