මාර්තු 03, 2021
tami eng youtube  twitter facebook

    රජයට තිබෙන්නේ රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන්විදුලි නාලිකා දෙකක් පමණයි

    නොවැම්බර් 17, 2014

    මේ රටේ පුවත් පත් සඟරා 185කට වඩා වැඩි ප්‍රමාණයක් ලියා පදිංචි වෙලා තිබෙනවා. මේ රටේ රූපවාහිනී නාලිකා 20ක් තිබෙනවා. මේ රටේ ගුවන්විදුලි නාලිකා 48ක්, 50ක් විතර තිබෙනවා. මේවා අතරින් රජය සතුව පවතින්නේ රූපවාහිනී නාලිකා දෙකක් හා ගුවන්විදුලි නාලිකා දෙකක් පමණක් යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවැනි දින විවාදයට එක්වෙමිනි.


    සිකුරාදා පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ 122, 210 හා 211 වැය ශීර්ෂයන් විවාදයට ගැනුණි‍.


    විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා පළකළ අදහස් මෙසේ ය.

    අද දින ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමේදී එහි මූලික කරුණු සම්බන්ධව අදහස් ඉදිරිපත් කිරීමටත්, විපක්ෂයෙන් ගෙනෙන ලද තර්ක සහ විතර්කවලට රජය පැත්තෙන් අපේ ස්ථාවරය ප්‍රකාශ කිරීමටත් මට ලැබී තිබෙන කෙටි කාලය තුළ හැකි උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා.


    ප්‍රථමයෙන්ම මාධ්‍ය නිදහස ගැන කථා කරනවා, right to information, එහෙම නැත්නම් තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව කථා කරනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා කරුණු කාරණා විකෘති කරමින්, ඉතාමත්ම සත්‍යයෙන් තොර, කිසිම සාධකයක් නොමැතිව, ඉතාමත් නින්දිත ලෙස ඉදිරිපත් වූ විවේචනයනුත් තිබුණා. එසේ විවේචනය කිරීම මාධ්‍යයේත් එක් අංශයක් හැටියටයි අපි සලකන්නේ. කරුණු කාරණා තිබුණත් නැතත් අඩුම වශයෙන් ඒ විවේචනයන් ඉදිරිපත් කරන උදවිය, ගරු මන්ත්‍රීවරු  right to information ‍කියලා කථා කරනවා නම් ඒ කරුණු කාරණාවලට අපේ පිළිතුරු මොනවාද කියා දැන ගැනීමට මේ සභාවේ සිටීම ඉතා වැදගත් වෙනවා. එක පැත්තකින් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා ඉතාමත්ම විවේචනාත්මක ලෙස කථාවක් කරමින්, තවත් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරමින්, අඩු පාඩු ගණනාවක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරමින්, එක් එක් ආයතනවල තිබෙන පත්වීම් සම්බන්ධව කථා කරමින්, අනෙක් පැත්තෙන් එක් එක් ආයතනවල තිබෙන යම් යම් අක්‍රමිකතා ගැන කථා කරමින් ඔවුන් ඒ මිනිත්තු 10, 15 ගත කරලා, ඊළඟට අපි පිළිතරු කථාව කරන කොට මෙතැනින් බැහැර යනවා. එතකොට මෙතැනදීම right to information කියන එක, එහෙම නැත්නම් තොරතුරු ලබා ගැනීම කියන එක යම් කිසි විධියකට කප්පාදු වෙනවා. ඔබතුමන්ලා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ ඒ වරප්‍රසාදවලට මුවා වෙලා කාට හරි මඩ ගහන්න හෝ කාට හරි තොරතුරුවලින් රහිත ප්‍රචාරයක් ලබා ගන්නට නම්, පාර්ලිමේන්තුව තුළ තිබෙන මූලික අරමුණ සම්බන්ධව නැවත වරක් හිතන්නට වෙනවා.


    විශේෂයෙන්ම මේ කාරණයත් සඳහන් කරන්නට ඕනෑ. මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා එවැනි කටයුතු කරනවා නම්, පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට බැරි නම්, වරප්‍රසාදවලට අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නට බැරි නම්, අපි මේ ඩෙස් පුටුවලට කථා කරන එකෙන් පැහැදිලි වෙන්නේ තමන් දරන මතය සනාථ කරන්නට, තහවුරු කරන්නට බැරිව ඒ වෙනුවෙන් වරප්‍රසාද පාවිච්චි කරමින් ආවරණයක් ලබා ගන්නට ගන්නා උත්සාහ හැටියටයි. ඒ නිසා මම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා.


    ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා දන්නවා ඇති, -විශේෂයෙන්ම ඔබතුමා තමයි අද මූලික කථාව කරමින් මෙම විවාදය ආරම්භ කළේ- විපක්ෂයේ වගකීම වෙන්නේ අය වැය විවාදයේදී ඒ සඳහා සාධනීය ලෙස සම්බන්ධ වන එක කියලා.
     

    ඉතින් ඒ අඩු පාඩුව ගැනයි මා ඔබතුමාට කියන්නේ. අපි කථා කරන වෙලාවට, ඒවාට පිළිතුරු දෙන වෙලාවට ඒවාට සවන් දීමේ අවශ්‍යතාවක් නැහැ කියන්නේ,  හුදෙක්ම මඩ ගැසීම සහ  පුවත් පතක එහෙම නැත්නම් තවත් නාලිකාවක තමන්ගේ කථාව ගෙන යා‍මේ වැඩපිළිවෙළ අරමුණු කරගෙන ඒ අය කථා කරනවා කියන එකයි. දැන් කථා කරපු එක් කථිකයකු කිව්වා, You Tube  එකට කථාව දා ගන්නයි මගේ උවමනාව කියලා.  ඒ නිසා ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාට මා ස්තුතිවන්ත වනවා. අනාගත බලාපොරොත්තු ඇතිව ඉන්න ඔබතුමාගේ ඒ සියල්ල සාර්ථක වේවා!යි කියා ප්‍රාර්ථනා කරනවා.
     

    මා ඔබතුමාගෙන්ම   මගේ කථාව ආරම්භ කරන්නම්. මා ඒ අවස්ථාවේ   සභාවේ හිටියේ නැහැ.  මා මෙතැන නොසිටියේ තවත් කර්තව්‍යයක් වෙනුවෙන් සහභාගී වෙන්න ගිය නිසයි. තුන් හතර පාරක්ම මේ ගරු සභාවේ කථා කරලා තිබෙනවා, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා සභාවේ නැහැ කියලා. මූලාසනයට මා ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා.
     

    අපි දැකපු සිහිනයක්, මේ රට දැකපු සිහිනයක් හැමදාම  සිහිනයක් විධියට තබන්නේ නැතිව, එය යථාර්ථයක් බවට පත් කරන්නට, සැබෑ කරන්නට  ගිය ප්‍රධානම වැඩ පිළිවෙළක් තමයි කොළඹ - නුවර අධිවේගී මාර්ගය ඉදි කිරීම.  අද එය ආරම්භ කිරීම සඳහා මුල් ගල තැබුවා.  අපි ආරම්භ කරපු සෑම වැඩ පිළිවෙළක්ම ඉලක්ක කර ගත්ත කාලය තුළ හෝ ඉලක්ක කර ගත්ත කාලයට පෙර අවසාන කරන්නට හැකියාවක් ලැබිලා තිබෙනවා. ඒ නිසා  අපි දැකපු ඒ සිහිනය, මධ්‍යම කඳුකරයේ ජනතාව දැකපු ඒ සිහිනය තමයි කොළඹ - නුවර අධි වේගී මාර්ගය ඉදි වීම. පළාත් පහක් පමණ ඒකට ආවරණය වනවා. අද එහි විශේෂත්වයක් සිදු වනවා. එනම්,  අද එය දීර්ඝ කරනවා,  කොළඹ - නුවර උතුරු අධිවේගී මාර්ගය ලෙස.  
     

    මීට අවුරුදු පහකට ඉස්සෙල්ලා උතුරු අධි වේගී මාර්ගයක් ගැන කථා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බිමින් තියා උඩින්වත් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අද ඒ අධි වේගී මාර්ගය ක්‍රියාත්මක වනවා. රුපියල් බිලියන 500ක පමණ මුදලක් මේ වෙනුවෙන් වැය වනවා. අවුරුදු 04ක් ඇතුළත පළමුවැනි අදියර අවසාන කරන්න අපි බලාපොරොත්තු වනවා. ඒකට සහභාගී වීම අවශ්‍ය නිසා ගලගෙදර, සෙංකඩ දොරටුව විවෘත කිරීමට පමණයි මා හිටියේ. ඒ නිසා ප්‍රමාද වී පැමිණීමට සිදු වීම ගැන මා කනගාටු වෙනවා.
     

    ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාගේ කථාවේදී සඳහන් කළා, "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" සම්බන්ධයෙන්  රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට  ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ගෙවීම් කරලා තිබෙනවා කියලා. මා ඒකට පිළිතුරක් දෙන්න කැමැතියි.  මා අතේ තිබෙන මේ මුදල් භාරගැනීමේ කුවිතාන්සිය සභාගත කරනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මේ වන කොට මිලියන 2.59ක බිලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙවා තිබෙනවා. කුවිතාන්සි අංකය 079956. මේක ඉතා වැදගත්. මොකද, පළමුවැනි වතාවට දෙපාර්තමේන්තුවට දේශපාලන පක්ෂයක් සල්ලි ගෙවනවා. මේ අවස්ථාව තිබෙනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ Commercial Printing අංශයක් තිබෙනවා. ඒ Commercial Printing  අංශයෙන්  සියලුම දේශපාලන පක්ෂවලට සහ අනෙකුත් ඕනෑම ආයතනයකට මුද්‍රණ කටයුතු කර ගැනීමේ ඉඩ කඩක් තිබෙනවා.


    ඒ වාගේම ඔබතුමා මාධ්‍ය ගැන දැඩි උනන්දුවක් දක්වන නිසාම ඔබතුමාගේ මාධ්‍ය කටයුතුත්, ඔබතුමාගේ පක්ෂයේ ඒවාත් අපට කරන්න පුළුවන්. වට්ටමක් එහෙම දෙන්න පුළුවන් නම් ඒ ගැනත් අපි සලකා බලන්නම්. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. ඔබතුමාටත් ඒ අයිතිවාසිකමම තිබෙනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාණිජ අංශයෙන් ඔබතුමාටත් පුළුවන් ඒ පහසුකම ලබා ගන්න.
     

    හැබැයි, මා එකක් කියන්නට ඕනෑ. මීට පෙර මේ පහසුකම් පාවිච්චි කරමින්, රාජ්‍ය මාධ්‍ය ආයතන පාවිච්චි කරමින් දේශපාලනය කරපු අවස්ථා එමට තිබෙනවා. මට ඒවා සඳහන් කරන්න පුළුවන්. හැබැයි, කවුරු හෝ එක වරදක් කළාම අපි තව වරදක් කරනවා  කියන ප්‍රතිපත්තියේ මා නොසිටින නිසා මා ඒ ගැන කථා කරන්නේ නැහැ. හැබැයි, මේ සෑම දෙයකටම අපි මුදල් ගෙවනවා කියන එක අපි වග කීමකින් යුතුව කියනවා. පළමුවැනි ගෙවීම කරලා තිබෙනවා. තව ගෙවීම් කිහිපයක් කරන්න තිබෙනවා. ඒ ගෙවීම් සියල්ලත් කෙරෙනවා.  පහසුකමක් හැටියට ඔබතුමාට වුණත් ඒ සේවය ලබා ගන්න පුළුවන්. කාලයක් දෙනවා ගෙවීම් කරන්න.  සරල භාෂාවෙන් කියනවා නම්  පසු ගිය කාලයේ ගෙවීම් පැහැර හැර  තිබෙනවා නම් ඒවාට නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නත් අප පසු බට වෙන්නේ නැහැ.


    දැන් මේ ගරු සභාවේ නොසිටියත්, රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා කථා කළා "Channel 4" ගැන. Channel 4 ආයතනය සම්බන්ධව අපි ක්‍රියාත්මක වන්නේ නැහැ, විදේශවලින් කරන බලපෑම් හමුවේ අප ක්‍රියාත්මක වන්නේ නැහැ කියලා එතුමා කිව්වා. මා හිතන්නේ ඒ ගැන කථා කරන්න එතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලායි. Channel 4 ආයතනයේ මැක්රේ CHOGM එක වෙනුවෙන් මෙහේට පැමිණි අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයට තමයි එතුමාව අරගෙන ගියේ. ඒ වෙනුවෙන් පෙනී සිටියේ කවුද කියන එක රටම පැහැදිලිව දන්නවා. මේ ගැන අපට තර්ක විතර්ක ඉදිරිපත් කරන්න දෙයක් නැහැ. ඔවුන්ගේ ක්‍රියා කලාපය, ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හැසිරෙන ආකාරය සහ ඒ ඩයස්පෝරාව කියන කථා සම්බන්ධව අප කාලය නාස්ති කළ යුතු නැහැ කියලායි මා හිතන්නේ. ඔබතුමා හොඳින් දන්නවා ඔවුන් මොන ආකාරයෙන්ද ඒවා හසුරුවන්නේ කියලා. මේ රටේ යුදමය තත්ත්වයක් තිබුණා. ඒ යුදමය තත්ත්වය අවසාන වේවි කියලා සිතුවේ නැහැ. නමුත් ඒ යුදමය තත්ත්වය අවසාන වුණාට පස්සේත්, යුද්ධය වෙනුවෙන් ජීවිත පුද කරපු මේ රටේ රණ විරුවන් ගැන කියමින් යුද අපරාධ ගැන කතා කරන කොට ඒ යුද අපරාධ හරහා හෝ බලයට එන්න උත්සාහ කරන්නේ කවුද කියන එක මා ඔබතුමාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.


    ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමනි, මා ඔබතුමාවම ආමන්ත්‍රණය කරන්නේ වෙන මොකවත් නිසා නොව, ප්‍රශ්න අහපු වෙනත් මන්ත්‍රීවරයෙකු මේ ගරු සභාවේ නැති නිසායි. අපේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා සිටියත් ප්‍රශ්න අහපු අනෙක් කිසිම මන්ත්‍රීවරයෙක් මේ ගරු සභාවේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපට හිතෙන්නේත් නැහැ. උත්තර දෙන්න අපි බැඳෙන්නේත් නැහැ. මොකද, ප්‍රශ්නය අහපු මන්ත්‍රීවරුන් දැන් මේ ගරු සභාවේ නැහැ. එහිදී විශේෂයෙන්ම right to information කියන එක බොහොම වැදගත්. මේකම තමයි දැන් right to information එකට වෙලා තිබෙන්නේ. මට වෙලාව තිබුණොත් right to information ගැනත් මම කථා කරන්නම්. කරු ජයසූරිය මන්ත්‍රීතුමාද ඇතුළුව තමුන්නාන්සේලාගේ නියෝජ්‍ය නායක, උපනායක, අනුනායක කියන සියලුදෙනා හැම දාම කථා කරනවා. හැබැයි කථා කරලා අපෙන් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ නැතිව, අපට පිළිතුරක් දෙන්න අවස්ථාවක් නොදී මේ ගරු සභාවෙන් පිටව යනවා. එතකොට right to information එතැනම කැඩෙනවා. ඒ කියන්නේ, ඒක වැඩක් නැහැ. ඇයි ඒ වැඩක් නැත්තේ? මේ රටේ සියලු information ගත්තොත්, සති අන්තයේ පුවත් පත් ටික ගත්තොත් right to information කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔය කියන මාධ්‍ය නිදහස සැබැවින්ම පෙන්නුම් කරන කැඩපතක් හැටියට අපට දකින්න පුළුවන් සති අන්ත පුවත් පත් සහ අනෙකුත් පුවත් පත්. මේ රටේ පුවත් පත් සඟරා 185කට වඩා වැඩි ප්‍රමාණයක් ලියා පදිංචි වෙලා තිබෙනවා. මේ රටේ රූපවාහිනී නාලිකා 20ක් තිබෙනවා. මේ රටේ ගුවන්විදුලි නාලිකා 48ක්, 50ක් විතර තිබෙනවා. මේවා අතරින් රජය සතුව -පවතින ඕනෑම රජයක් සතුව- තිබෙනවා රූපවාහිනී නාලිකා දෙකක්. Radio channel දෙකක් තිබෙනවා. "ලක් හඬ" සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම print media අංශයෙන් "ලේක්හවුස්" ආයතනය තිබෙනවා. සිංහල සහ දෙමළ- ඔච්චර තමයි රජයට. අනෙක් සියල්ල කාගේද? මේ කථා කරපු බොහෝ දෙනෙක් ඒ කතාවල හරය සහ පසු බිමට වඩා කල්පනා කරන්නේ අද ගිහිල්ලා එක්කෝ unedited- එහෙම නැත්නම් ඒ අවශ්‍යතාව කොහොමද ඉෂ්ට කරගන්නේ කියලායි. ඔවුන්ගේ සැබෑ අරමුණ  කොතැනද තිබෙන්නේ කියන එක පෙනෙනවා. අපි ඔක්කෝම දේශපාලනය කරනවා. හැබැයි දේශපාලන වැඩ පිළිවෙළක් හරහා නිවැරැදි මාර්ගයක මෙය ගෙන යන්න ඕනෑ කියන එක නොවෙයි, අද වැය ශීර්ෂය සාකච්ඡා වන මේ අමාත්‍යාංශයේ කටයුතු නිවැරැදිව හසුරුවන්න ඕනෑ කියන එක නොවෙයි ඒ අයගේ අවංක අදහස.  


    ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ ගරු සභාවේදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා විශාල විවේචනයක් කළා. එතුමාට පිළිතුරු දෙන්න මට අවස්ථාවක් නැහැ. ඒ ගැන මම කනගාටු වෙනවා. මම එතුමාට අභියෝගයක් කළා. ඒ අභියෝගය එතුමා භාර ගත්තා නම් හොඳයි. මම හිතනවා එතුමා එය භාරගෙන ඒ අනුව කටයුතු කරාවි කියලා. ඒත් එක්කම එතුමා සඳහන් කළා රජයේ මුද්‍රණාලයේ හයදෙනෙකු සිටිද්දී හයවන කෙනා වැඩ බලන මුද්‍රණාලයාධිපති හැටියට පත් කර තිබෙනවා කියලා. එය විශාල වරදක් හැටියටයි එතුමා සඳහන් කළේ. ඒ ගැන මා වචනයක් කියන්නම ඕනෑ. විශේෂයෙන්ම සේවා ව්‍යස්ථාවේ ආයතන 11ක් නම් කරලා ඒවායේ ප්‍රධානියෙකු වෙන්න පශ්චාත් උපාධියක් අත්‍යවශ්‍යයි කියලා තිබෙනවා. එතැන හිටපු කිසි ම කෙනෙකුට ඒ සුදුසුකම නැහැ. තිබුණු එකම පුද්ගලයාට තමයි වැඩ බලන පත්වීම දීලා තිබෙන්නේ. ඒත් එක්කම Ph.D. එක වෙනුවෙන් දීලා තිබෙනවා අවුරුදු 4ක කාලයක්, ඒ සුදුසුකම සම්පූර්ණ කරගන්න. එසේ සම්පූර්ණ කරගත්තු කවුරුවත් ඇත්තේත් නැහැ. ඒ නිසා නීත්‍යනුකූලව නිවැරැදි තීන්දුවක් අරගෙන නිවැරැදි ආකාරයටයි ඒ කටයුත්ත කර තිබෙන්නේ. ඒ මන්ත්‍රීතුමන්ලාට උත්තර දීලා වැඩකුත් නැහැ. මා හිතන්නේ අපි එය මේ ගරු සභාවේ කථා කරන ඒකේ තේරුමක් නැහැ කියලායි.


    ඒ නිලධාරියාට අසාධාරණයක් වෙන නිසා තමයි මම මේ ටිකවත් මම කියන්නේ. නැත්නම් මේක කථා කරන එකේ තේරුමක් නැහැ.  ඔබතුමා මෙතැන ඉන්න හින්දා කියන්නම්, ඔබතුමා කිව්වා "මාධ්‍යවේදීන් තෝරා බේරාගෙන තමයි ලැප්ටොප් පරිගණක ලබලා දුන්නේ.  ඒ ලැප්ටොප් පරිගණක ලබාදීම ඒ තරම් සුදුසු නැහැ" කියලා. ඔබතුමාට මම කියන්න ඕනෑ; ලැප්ටොප් ලබාදීමේදී අපි එකම ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා.  ඒ තමයි, මේ ලැප්ටො‍ප් එක දෙක අපි බෙදන්න යන්නේ නැහැ.  එහෙම බෙදන්න ගියොත් අපිට තිබෙන සීමාවත් එක්ක 500ක් හිටියොත් 5,000ක් ඉල්ලයි.  අපි කොහොමද මේක බෙදන්නේ කියලා කල්පනා කළා.  එතැනදී  අපි ගත්ත එකම විසඳුම තමයි ආයතන වශයෙන් ඒ ආයතන ප්‍රධානීන්ට වෙන් වෙන් කළා.  අපේ තිබෙන ලංකාදීප සමූහ ව්‍යාපාරය, ලේක් හවුස් එකට, අපි තීන්දු කළා විස්සක්ද, තිහක්ද, හතළිහක්ද, පනහක්ද දෙන්නේ කියලා.  ඒක බෙදා හදා ගැනීම ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෝ ප්‍රධානීන්ට තමයි බාර දීලා තිබුණේ.  අපි ඒ වගකීම බාර ගත්තේ නැහැ.  
     

    මෙම සංකල්පය ක්‍රියාත්මක කරන්න කියලා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ ඉල්ලීමක් තිබුණා.  එතුමාගේ ඉල්ලීමට අපි කිව්වා අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය මෙපමණයි කියලා. මෙතැන සියයක් ඉන්නවා නම්, ඒ සියයටම දෙන්න අපිට බැරි වෙයි.  හැබැයි අපිට 60ක් දෙන්න පුළුවන් නම්, ඒ 60 අපි බාර දුන්නා.  ගරු කථානායකතුමා හරහා තමයි ඒ බෙදාහැරීමේ කර්තව්‍ය බාර වී තිබුණේ. මේකේ ඒ අයගේ සංසදයක් ඉන්නවා. ඒ අය කථා කරලා තමයි ඒ දේ බෙදා ගත්තේ. තව කිහිප දෙනෙකුට හම්බ වෙන්නේ නැතිව ඇති. ලබන වර්ෂයේදී අපිට ඒ දේ ලබා දෙන්නට පුළුවන් නම්, බොහොම සන්තෝෂයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එවැනි අසාධාරණයක් ඒ හරහා වෙන්නේ නැහැ කියන එක පැහැදිලිව ම සඳහන් කරන්නට ඕනෑ. මේ මුළු විවාදය පුරාම කථා කළේ මාධ්‍ය නිදහස සම්බන්ධව සහ harassment එහෙම නැත්නම්, අඩන්තේට්ටම් කිරීම සම්බන්ධවයි. අමතක කරන්න එපා, අවුරුදු 30ක් පුරා කෲර ලෙස මේ ලෝකයේ තිබුණු භයානකම, ම්ලේච්ඡතම, ඉතාමත්ම තිරිසන් යුද්ධයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා.  මේ ව්‍යවසනයට ගොදුරු වුණේ උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශ පමණක් නොවෙයි.


    I will take it up. You said about DVB-T2.  I have the same map.   A large number of countries are using  DVB-T2.  We had considerations, we had   discussions and at one point we agreed on  DVB-T2.   In fact, it went to the Cabinet and the Cabinet also approved it.  But subsequently, there was another offer that was made by the Japanese Government. IFCB is not an isolated thing.  You mentioned that it is in Japan. No! It is not only in Japan. Now, there are 14 other Latin American countries that have taken it. In Brazil  it has been implemented. There are 14 countries. I agree with you on one point. As of now,  you have a large number of countries covering -


    If you look at the larger picture of it, now  IFCB is also moving towards various other parts. Within the next four to five years, you will have almost equal numbers of countries using both systems. One can argue. There are pluses and minuses. There are certain advantages of IFCB and there are certain disadvantages of that also. These things have been assessed. We went through the whole thing.  As you rightly said at that point of time the Japanese system,  IFCB  was not in the same - We brought it up. More than that, I must also say that there is a huge concessionary arrangement which Sri Lanka can afford. That also had to be taken into consideration. There is, ten years grace period,  20 years  repayment with a .025% interest.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya