මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැයෙන් පළාත් පාලන ආයතනවලට මාසයකට මිලියන 2ක්

    නොවැම්බර් 17, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) මේ අය-වැයෙන් ජනාධිපතිතුමා පළාත් පාලන ආයතනවලට, මාසයකට රුපියල් මිලියන 2ක් ලබා දෙන්නටත් පාරවල් හදන්නට, යටිතල පහසුකම් ලබා දෙන්නට රුපියල් මිලියන10,000කට වැඩි මුදලක් වෙන් කර තිබෙන බවත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සෙනසුරාදා (15) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ එකොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.


    සෙනසුරදා පෙරවරුවේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ 130, 312 සිට 319 හා 321 වැය ශීර්ෂයන් විවාදයට ගැනුණි‍.


    එහිදී අමාත්‍යවරයා පළ කළ අදහස් මෙසේ ය.

    “පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී පිළිතුරු කථාව කිරීමට මට ලැබුණු අවස්ථාව ගැන මම ආඩම්බර වෙනවා. ඒකට හේතුවකුත් තිබෙනවා. පළාත් සභා හා පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් ඇවිල්ලා මාව හම්බ වෙ‍නවා. ඒ ආයතනවලට බඩු ලබා දෙන කොට, සල්ලි වෙන් කරන කොට, සංවර්ධන වැඩ කර ගෙන යනකොට ඒ අය නිතරම කියනවා, අතිගරු ජනාධිපතිතුමාගේ ධුර කාලය තමයි පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට උදා වූ වසන්ත කාලය කියලා. මේ අමාත්‍ය ධුරයේ ඉන්න අවස්ථාවේදී පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්නට අවස්ථාව ලැබීම මට ලොකු ආඩම්බරයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අප සමඟ නිතරම කථා කරලා කියනවා, පළාත් පාලන ආයතන ජනතාවට සමීපව වැඩ කරනවා කියලා. ඔවුන් පිළිගන්නවා. නමුත් ඒ ආයතන හරහා ජනතාවට - ඡන්ද දායකයන්ට - පහසුකම් ලබා දෙන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කවදාවත් වෙන් කරලා නැහැ. ඒක කවුරුත් පිළිගන්නවා.


    අපේ අතිගරු ජනාධිපතිතුමා 2005 වසරේදී පත් වුණාට පස්සේ තමයි මේ අවස්ථාව අපට ලැබිලා තිබෙන්නේ. දැනුත් අපේ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් ප්‍රකාශ කළා, 2015 අය වැයේ යෝජනාවේදීත් වැඩිපුර මුදලක් වෙන් කරලා තිබෙනවා කියලා. අපේ ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මෙතැනදී කිව්වා, "මේ රටේ සංවර්ධනය කෙළින් ම ජනතාවට යන්නට, ජනතාවගේ නියෝජනය කවුද කියලා හඳුනා ගෙන වැඩ ගන්නට අපි ඒ පනත වෙනස් කළා" කියලා. ඒවා කර ගෙන යන්නේ ජනතාවට වැඩ කරන්න. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, හිටපු ඇමතිවරුන් නිතරම ඇවිල්ලා කථා කරනවා. මේ වැය ශීර්ෂය සාකච්ඡා කරන වෙලාවේදීත්, පළාත් පාලන විෂයය සම්බන්ධව වෙනත් මොනවා හරි  පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරන අවස්ථාවලදීත් කථා කරනවා. නමුත් එතැන සත්‍යය නැහැ. ඒ අය අසත්‍ය දේවල් තමයි කියන්නේ. කථා කරන්නට කිසි දෙයක් නැහැ. ඒ නිසා මොනවා හරි කථා කරන්න ඕනෑ කියලා ආණ්ඩුවට මඩ ගහන එක විතරයි ඒ ගොල්ලන් කරන්නේ.
     

    දැන් බලන්න, මේ විවාදය තිබෙන්නේ විපක්ෂයට. විපක්ෂයේ මන්ත්‍රීවරු කී දෙනෙක් මෙහි ඉන්නවාද? දැන් කථා කරපු හිටපු ඇමතිවරු,මන්ත්‍රීවරු මෙතැන ඉන්නවාද? කථා කරනවා, පත්තරේට දමන්න ඕනෑ නිසා. TV channel එකට එන්න ඕනෑ නිසා කථා කරනවා.  පිළිතුරු කථාව අහන්නවත් එතුමන්ලා ඉන්නේ නැහැ. දැන් ගිහිල්ලා, නිකම් කථා කරනවා.  
     

    ගරු මන්ත්‍රීවරයෙක් කථා කළා.  එතුමන් කියනවා,මන්ත්‍රීවරු මේ පනත ගැන කිසි දෙයක් දන්නේ නැහැයි කියලා.  එතුමා කියනවා පනත ගැන judgesලාත් දන්නේ නැතිලු;  lawyers ලාත් දන්නේ නැතිලු, මේ පනත මොකක්ද කියලා.  ඒ තරම්,  ඒ ක්ෂේත්‍රයන්ට respect නැති ව මෙතැන කථා කරනවා.  ඒ වාගේ නොවෙයි,  එදා ඉඳලා තිබුණු වැරැදි, තිබුණු අඩු පාඩු සියල්ලම  දැන් නිවැරැදි කරලා, පනත සම්පූර්ණ කරලා Legal Draftsman එකට එවලා තිබුණා.  ඒක එකවර හදලා අපි ඉදිරිපත් කරනවා.  මේවා කරන්නේ ජනතාව වෙනුවෙනුයි.
     

    බලන්න, පළාත් පාලන ආයතනයක් සඳහා, කොපමණ මුදලක්  වියදම් වෙනවාද, මාසයෙන් මාසයට, අවුරුද්දෙන් අවුරුද්දට?  ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කරනවාද? ගිය අවුරුද්දේ ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට, පළාත් පාලන ආයතනවලට,  අතිගරු ජනාධිපතිතුමන්ගේ අය වැය කථාවේදී සඳහන් කළ විධියට මාසයකට රුපියල් මිලියනයක් ලබා දුන්නා.  මෙවර අය වැයේදීත් ඒ ආකාරයටම, 2015 වර්ෂයේ සිට පළාත් පාලන ආයතනවලට, මාසයකට රුපියල් මිලියන 2ක්  ලබා දෙන්නට එතුමා මුදල් වෙන් කර තිබෙන බව මෙතැනදී ප්‍රකාශ කළා. ඒ වාගේම, මා හිතනවා පාරවල් හදන්නට, යටිතල පහසුකම් ලබා දෙන්නට රුපියල් මිලියන10,000කට වැඩි මුදලක් වෙන් කර තිබෙන බව.  ඒ සඳහා යන්ත්‍රෝපකරණ ගෙනෙනවා. එවැනි විවිධ සංවර්ධනයන් යටතේ, විවිධ යෝජනාවන් යටතේ ගොඩනැඟිලි සෑදීමට, පාරවල් කාපට් කිරීමට, ඒ වාගේම, අඩු ආර්ථිකයක් තිබෙන සභාවල් දියුණු කිරීමට, අවශ්‍ය ප්‍රතිපාදන මේ කාලයේ ලබා දීලා තිබෙනවා.  නමුත්, කිසිවෙක් ඒ ගැන කියන්නේ නැහැ.
     

    ගම් ප්‍රදේශයට ගියාම අපි දන්නවා, පළාත් පාලන ආයතන සඳහා 1953, 1957 වසරවල සෑදූ buildings තිබෙන්නේ.  ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරලා, අලුත් ගොඩනැඟිලි මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා.
     

    ඒ වාගේම, පළාත් පාලන ආයතනවලට අයිතිව තිබෙන සියලු ඉඩම් අපි සංවර්ධනය කරනවා. මහා මාර්ග, මහජන පොලවල්, ක්‍රීඩාපිටි, පුස්තකාල වෙනුවෙන් අවශ්‍ය දේ සියල්ලටම, මෙම අමාත්‍යාංශය හරහා අතිගරු ජනාධිපතිතුමා මුදල් ප්‍රතිපාදන  වෙන් කරලා තිබෙනවා.
     

    ඒ අනුව, ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා මෙතැන ඉන්න නිසා, මම සතුටින් මේ අවස්ථාවේදී කියන්නට ඕනෑ, අතිගරු ජනාධිපතිතුමා නොවැම්බර් මාසයේ සිට, පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ දීමනාව  වැඩි කරලා තිබෙනවාය කියන කාරණය.  -ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා, පොඩ්ඩක් ඇහුම්කන් දුන්නා නම් හොඳයි-  තමුන්නාන්සේලා දන්නවා, මීට පෙර පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ, ඒ කියන්නේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව වශයෙන්, සභිකයින්ට ලැබුණේ රුපියල් 5,000 යි.  ගරු මන්ත්‍රීතුමා, ඒ දීමනාව නොවැම්බර් මාසයේ සිට රුපියල් 15,000 දක්වා වැඩි කරලා තිබෙනවා.


     ඒ කියන්නේ, unp මන්ත්‍රීවරුන්ටත් ලැබෙනවා, බය වෙන්න එපා. ඒ වාගේම, උප සභාපතිතුමාට රුපියල් 6,500යි ලැබුණේ. එය රුපියල් 20,000ක් දක්වා වැඩි කරලා තිබෙනවා. ඔබතුමා බලාපොරොත්තු වෙන්නත් නැතිව ඇති?


    සභාපතිතුමන්ලාගේ දීමනාව හැටියට තිබුණේ රුපියල්10,000 යි.  රුපියල් 25,000 දක්වා ඒක වැඩි කරලා තිබෙනවා. නාගරික මන්ත්‍රීවරුන්ට තිබුණේ රුපියල් 7,000යි.  අද රුපියල් 20,000ක් දක්වා ඒ මුදලත් වැඩි කරලා තිබෙනවා. ඔබතුමා හිතුවාද දන්නේ නැහැ, මේ තරම් වැඩි කරයි කියලා? නියෝජ්‍ය නගරාධිපතිතුමාට තිබුණේ රුපියල් 10,000 යි. රුපියල් 25,000ක් දක්වා එයත් වැඩි කරලා තිබෙනවා.  ඒ වාගේම, නගරාධිපතිතුමාගේ දීමනාව තිබුණේ රුපියල්15,000යි.  රුපියල් 35,000ක් දක්වා එය වැඩි කරලා තිබෙනවා.


    ඒකට හේතුව මේකයි. ඇත්තටම ඒ මන්ත්‍රීවරු තමයි මිනිස්සුන්ගේ ළඟට ගිහිල්ලා සමීපව වැඩ කරන්නේ.  අපේ මන්ත්‍රීවරුත් කථා කළා.   විපක්ෂයේ මන්ත්‍රීවරයකුත් කථා කළා. මළ ගෙවල්වලට, මඟුල් ගෙවල්වලට මොනවා හරි ප්‍රශ්න ආවාම එතුමන්ලා තමයි  යන්නේ. ඒ නිසා අපි එතුමන්ලාගේ පහසුකම් වැඩි කර දෙන්න ඕනෑ. ජනතාවට වැඩ කරන්න එතුමන්ලාව ශක්තිමත් කරන්න ඕනෑ නිසා තමයි අපේ අතිගරු ජනාධිපතිතුමා මේ විධියට දීමනා වැඩි කර දී තිබෙන්නේ.


    එපමණක් නොවෙයි, අතිගරු ජනාධිපතිතුමාගෙන් මම තවත් ඉල්ලීමක් කර තිබෙනවා. Officersලා සියලු දෙනාටම මෝට‍ර් සයිකල් ලබා දෙන්නට මෙවර අය වැයෙන් යෝජනා කර තිබෙනවා. ඒ විධියට අපේ මන්ත්‍රීවරුන්ටත් මෝටර් සයිකල් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා අපි ඉල්ලීමක් කර තිබෙනවා. අපේ අතිගරු ජනාධිපතිතුමා ඒ ඉල්ලීම ඉටු කරාවිය කියා මම බලාපොරොත්තු වෙනවා.
     

    ඒ නිසා ඇත්තටම මේ කාලයේ තමයි පළාත්පාලන ආයතන ගොඩක් දියුණු වෙලා තිබෙන්නේ. දැන් කාටවත් දොස් කියන්න බැහැ. මම කලින් කිව්වා වාගේ පත්‍රවලට කියන්න, TVවලට කියන්න, කෑගහන්න පුළුවන්. නමුත් ඇත්ත - සත්‍යය- මොකක්ද? ගම්වලට ගිහිල්ලා බලන්න. මන්ත්‍රීවරු මොනවාද කරන්නේ; සල්ලි කොච්චර වෙන් කර තිබෙනවාද;  මේ අවුරුද්දට කොච්චර වෙන් කළාද; ගිය අවුරුද්දේ කොහොමද; ලබන අවුරුද්දට කොහොමද කියලා අහලා බලන්න. එහෙම අහලා බැලුවාම අපේ කාලයේ මෙහෙම කරන්න බැරි වුණා කියලා  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙයි කියලා මම හිතනවා. ඒ තරම් වැඩ කරලා තිබෙනවා.


    ඒ වාගේම අපි මෙතැන පළාත් සභා ගැන කථා කළා. UNP මන්ත්‍රීවරුත්, TNA මන්ත්‍රීවරුත් පළාත් සභා ගැන කථා කළා. ඒ අය කියන්නේ පළාත් සභාවට දුන්න බලය අපි ගත්තාලු. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඔබතුමාගේ තාත්තා ඒකට විරුද්ධ වුණ බව අපි දන්නවා. එතුමාව house arrest එකේ තිබ්බා. අපි මේ වෙලාවේ ඒකත් මතක් කරනවා. සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව  ඒකට කැමැති වුණාද, විරුද්ධ වුණාද, එහෙම නැත්නම් ඒ ගැන විමසා බැලුවාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් මේ දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා පළාත් සභා ක්‍රමය ඇති කළා. ඇත්තටම එදා එක්සත් ජාතික පක්ෂය පළාත් සභාවලට දුන්න බලතලවලින් එකක්වත් අපි ආපසු ගත්තේ නැහැ. හැබැයි, බොරුවට මෙතැන කෑගහනවා. මොකක්ද අපි අර ගෙන තිබෙන්නේ. UNP ආණ්ඩුව කාලයේ පළාත් සභාවලට පොලිස් බලතල දීලා නැහැ. අපිත් ඒක දෙනවාද නැද්ද කියලා තීරණයක් අර ගෙන නැහැ. හැබැයි, UNP ආණ්ඩුව කාලයේ ඒක දීලා නැහැ. ඉඩම් බලය දීලාත් නැහැ. දුන්න බලය එහෙම  ම තිබෙනවා. එහෙම තිබෙද්දී නිතරම ඇවිල්ලා කියනවා, මේ ආණ්ඩුව පළාත් සභාවල බලතල ආපසු ගන්නවා කියලා. හැමදාම ඒක කියනවා. ඒක අසත්‍යයක්. අපි පළාත් සභාවකට බලය දෙනවා නම්  ආණ්ඩුවේ, විපක්ෂයේ, TNA  එකේ සියලු දෙනාටම කථා කරලා අවශ්‍ය බලය දෙන්න පුළුවන්. ඒ වුණාට අසත්‍ය කියන්න මෙතැනට එන්න එපා. අසත්‍ය කියන්න ඕනෑ නැහැ. දැන් TNA  මන්ත්‍රීවරයකුත් කථා කළා. එතුමා කියනවා ඒ බලය අපි ආපසු ගත්තා කියලා. බලය ගත්තේ නැහැ. එතුමන්ලා තමයි ඒ පළාත් සභාවෙන් එතුමන්ලාගේ bylaws  හදන්න ඕනෑ. එතුමන්ලා bylaws  හදලා වැඩ කරන්න ඕනෑ. එතුමා කියනවා යාපනයට සල්ලි වෙන් කරලා නැහැයි කියලා. අපි උතුරු පළාත් සභාවට සල්ලි වෙන් කරලා තිබෙනවා. ඒගොල්ලන්ගේ progress මගේ ළඟ තිබෙනවා. ඒගොල්ලෝ වැඩ කරලා නැහැ. Fifty percent, 60 percent, 75 per cent  වෙලා තිබෙනවා. ඒක අපේ වැරැද්ද නොවෙයි.


    අපි සියලුම පළාත් සභාවලට එක විධියකටයි සලකන්නේ. උතුරු පළාත් සභාවට තමයි වැඩියෙන් දීලා තිබෙන්නේ. මගේ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව තිබෙනවා. ඒක බලන්න. හැම පළාත් සභාවක් ගැනම සමානව තමයි බලලා තිබෙන්නේ. වැඩිපුරත් සල්ලි වෙන් කරලා තිබෙනවා. වෙනම ව්‍යාපෘති හරහා සල්ලි දෙනවා. පළාත් පාලන මන්ත්‍රීවරුන්ට බයිසිකල් දෙන්නට ඊයේ පෙරේදා තමයි තීන්දුවක් අරගෙන තිබෙන්නේ. අපිත්  නිතරම ඉල්ලුවා. අපේ  symposium තිබෙන වෙලාවේ මමත් අතිගරු ජනාධිපතිතුමාට මතක් කළා. මම හිතන්නේ කිහිප දෙනෙක්ම ඉල්ලීම් කර  තිබෙනවා.  ජනාධිපති ලේකම්  කාර්යාලයට ලිඛිතව  දීලා තිබෙනවා, අපටත් මේ බයිසිකල් ලබා  දෙන්නය කියා. ඒක ණයට ලබා දෙන එකක් නේ. නිකම් දෙන එකක් නොවෙයි නේ.  තිබෙන බයිසිකල් ප්‍රමාණය අනුව,  ඉල්ලීම්  කරපු අයට පළමු අදියරේදී - first phase එකේදි - දෙනවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඔක්කොමන්ලාට  දෙන්න තමයි බලන්නේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya